රත්නපුරේ ප්රදේශ හයක් නායයාමේ අවදානමක
රත්නපුර දිස්ත්රික්කයේ පැල්මඩුල්ල, රත්නපුර, නිවිතිගල, ඇලපාත කලවාන සහ කිරිඇල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාස තුල පසුගිය පැය 24 තුල මිලිමිටර් සියයට වඩා වැඩි වැසි ඇතිවූ නිසා වර්ෂාව තවදුරටත් පවතී නම්, නායයාම්, පස්ක`දු කඩා වැටීම් ගල් පෙරලීම්, පොළොවේ ගිලා බැසීම් අවදානමක් ඇති බවට දෙවන අදියරේ අවදානමක් පවතින බවඅද ( 17) දා පස්වරු 02.00ට නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු ඇගවීය.