‘‘පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුයි‘‘ කොරෝනා වයිරසය පාලනය කළේ යැයි සෞඛ්‍යය අංශවලින් තහවුරුව ලබාගත් වහාම ජනතාවගේ ජීවිත සුරක්ෂිත කළ හැකි පළමු තත්ත්පරයේ ම හැටනම ලක්ෂයක් ජනතාවගේ අභිලාෂය කරිහ යාත්මක කිරීමට පාර්ලිමේන්තුවක් ඇතිකිරීම සදහා පාරලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පැවසීය. 17 May 2020
කොරෝනා මැද පහතරට තේ කිලෝවක් 2600ට අලෙවි වෙයි කොළඹ තේ වෙන්දේසියේදී පහතරට නිමි තේ සදහා ඉහළ මිලක් ලැබුණ අතර බී ඕපී 1 ^BOP 1) වර්ගයේ තේ කිලෝවකට රුපියල් 2600ක වාර්තා සහගත මිලක් ලැබුණු බව නිවිතිගල විතානකන්ද තේ කර්මාන්ත ශාලා පුද්ගලික සමාගමේ සභාපතිනී නිර්මලී පිලපිටිය මහත්මිය අද(17) දා පැවසුවාය. 17 May 2020
‘කොරෝනා’ සීමා නිසා නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය හරවා යවයි තේපැන්හලකට ගිය නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩෙන් නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා පනවා තිබෙන සීමා හේතුවෙන් හරවා යවා ඇත. 17 May 2020
ද ගාඩියන් පුවත්පත ශ්‍රී ලංකාව ගැන සාවද්‍ය පුවතක් පළ කළැයි විදේශ අමාත්‍යාංශයේ විරෝධය එක්සත් රාජධානියේ ප්‍රකාශයට පත් කෙරෙන ද ගාඩියන් පුවත්පතේ වෙබ් සංස්කරණයේ ’’ඊලාම්” පිළිබඳව සඳහන් ‘කරමින් පාඨකයින් සදහා යොමු කර තිබූ සංචාරක ප්‍රශ්නාවලිය ඉල්ලා අස්කර ගන්නා ලෙස ශ්‍රී ලංකාව එම පුවත්පතින් තරයේ ඉල්ලා සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී. 17 May 2020
වත්තේගම- බඹරැල්ල මාර්ගයට ගල් පෙරැළිමේ අවදානමක් පවතින වර්ෂාව සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වත්තේගම- බඹරැල්ල මාර්ගයට තරණගල කන්ද ප්‍රදේශයේදි ගල් පෙරැළීමේ අවදානමක් මතුව ඇතැයි නකල්ස් ‘අපි’ සංවිධානයේ පරිසරවේදි සමින්ද විදානගේ මහතා පවසයි. 17 May 2020
මැතිවරණයට එරෙහි පෙත්සම් හෙට - අනිද්දා අධිකරණය හමුවට මහ මැතිවරණය ලබන ජුනි 20 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලා ගොන කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ හෙට (18) සහ අනිද්දා (19) දෙදින සලකා බැලීමට නියමිතව ඇත. 17 May 2020
තේ කර්මාන්තය යළි යථා තත්වයට කඩා වැටී තිබු තේ කර්මාන්තය කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවදානමෙන් පසුව යළි නඟා සිටවු බව බගවන්තලාව වැවිලි සමාගමේ හැටන් කලාප භාර මෙහෙයුම් අධ්‍යක්ෂක සහ නොර්වුඩ් තේ වත්තේ වතු අධිකාරි ෆෙරොස් මජිත් මහතා පැවසීය. ෆෙරොස් මජිත් මහතා කියා සිටියේ කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවදානම සමග පනවා තිබු ඇදිරි නිතිය හමුවේ සෞඛ්‍යය සහ ආරක්ෂක අංශ වල උපදෙස් පරිදි, තේ නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන පැමිණි බවයි. 17 May 2020
යුද්ධයේදී මියගිය දෙමළ වැසියන් සිහිකරමින් උත්සව 47ක් අවසන් යුද්ධයේදී මියගිය දෙමළ වැසියන් සිහිකරමින් මුල්ලිවායික්කාල් සැමරුම් උත්සව 47ක් උතුරු පළාත කේන්ද්‍රගතව සංවිධානය වී තිබෙන බව උතුරේ බුද්ධි හා ආරක්ෂක අංශ සදහන් කර සිටීයි. 17 May 2020
සුවපත්වී ඇතැයි කීමට එක ළඟ දින දෙකක පරීක්ෂණ ඕනෑ පී සී ආර් පරික්ෂණයෙන් කොවිඞ් 19 වයිරසය ආසාදිතයකු බවට හදුනාගන්නා අයෙක් ඊළඟ දිනයේ දී එම පරික්ෂණය කිරීමේ දී ආසදිතයෙකු නොවන බවටත් පසුදින යළි ආසාදිතයෙකු බවටත් පෙන්විය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුරංගි යසවර්ධන මහත්මිය පවසයි. 17 May 2020
අලුත් සතියේ දුම්රියේ වේලාවන් දුම්රියෙන් රාජකාරී සඳහා පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසුගිය සතියට වඩා වැඩි පිරිසක් හෙටින් (18) ඇරඹෙන සතියේදී ලියාපදිංචි වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 17 May 2020
ඉන්දියාවේ සංකීර්ණ ළමා ජාවාරමක් ඉන්දියාවේ සෑම මිනිත්තු 8 කටම වරක් ළමයෙකු අතුරුදන් වන බව විදෙස් මාධ්‍ය වාර්තාවක් සඳහන් කරයි. 17 May 2020
ඇඳිරිය කැඩූ 620 ක් අත්අඩංගුවට ඉරිදා(17) උදෑසන හයෙන් අවසන්වූ ගතවූ පැය 24ක කාලය තුළ ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් (620)ක් අත්අඩංගුවට ගෙන වාහන (274)ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 17 May 2020
අ’පුරේ 263කට ඩෙංගු : දෙදෙනෙක් මරුට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ජනවාරි මස සිට මේ දක්වා ඩෙංගු රෝගින් 263 දෙනෙකු හමුවි ඇති බවත් මින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවත් අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා අද(17) පැවසිය. 17 May 2020
කොරෝනා ආසාදිතයින් 960 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 960 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 17 May 2020
විමලසුරේන්ද්‍ර පිටාර ගලයි මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහළ යාමත් සමඟ විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගැලිමට ලක්ව තිබේ. 17 May 2020
අඹු සැමි ගැටුමකින් සැමියා මරුට අඹු සැමි යුවළක් අතර ඇතිවු බහින් බස්වීමක් දුරදිග යාමෙන් ඇති වූ ගැටුමක් බේරීමට මැදිහත් වූ අසල්වැසියෙකුගේ පොලු හා ඉදල් පහරින් බරපතල ලෙසින් තුවාල ලද සැමියා සිද්ධය වු ස්ථානයේදීම මිය ගොස් ඇති බව පල්ලම පොලිසිය කියයි. 17 May 2020
කොරෝනා ආසාදිතයින් 957 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 957 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 16 May 2020
කෑගල්ලේ ආපදා තත්ත්වයෙන් 200 ක් අවතැන් අධික වර්ෂාවත් සමඟ ඇතිවූ ආපදා තත්ත්වය නිසා කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 200 ක් අවතැන් වී පුද්ගල මරණ දෙකක් වාර්තා වන බව කෑගල්ල දිසාපති මහින්ද එස් වීරසූරිය මහතා පැවසිය . 16 May 2020
කොරෝනා ආසාදිතයින් ගණන 949 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 949 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 16 May 2020
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වැඩ 20දා සිට අරඹයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යයන් ලබන 20 වැනිදා සිට යලි ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී.කේ අලහකෝන් මහතා පවසයි. 16 May 2020
මාරවිලදී දේව මෙහෙයක් පැවැත්වූ දේව ගැතිවරයෙක්ට නීතීමය පියවර මාරවිල නගරයේදී පිරිසක් රැස් කර දේව මෙහෙයක් පැවැත්වු දේව ගැතිවරයකුට එරේහිව නිරෝධායන පනත අනුව නීතිමය කටයුතු ආරම්භ කරන බව මහවැව මහජන බි.එම් .වජිර නිලන්ත මහතා පවසයි . 16 May 2020
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව චීනයත් අභිබවා යයි ඉන්දියාවෙන් වාර්තා වන සමස්ථ කොරෝනා රෝගීන් සංඛ්‍යාව වයිරසය ආරම්භ වූ චීනයෙන් වාර්තා වන සංඛ්‍යාවට වඩා වැඩිවී ඇතැයි වාර්තා වේ. 16 May 2020
ඉන්දියාවේ සංක්‍රමණික කම්කරුවන් රැගත් ට්‍රක් රථයක් අනතුරට ලක්වීමෙන් 23 ක් මරුට ඉන්දියවේ උතුරු දිග ඌරියා ප්‍රදේශයේදී සංක්‍රමණික කම්කරුවන් පිරිසක් රැගත් ට්‍රක් රථයක් අනතුරට ලක්වීමෙන් 23 දෙනකු මියගොස් 35 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 16 May 2020
මියන්මාරයේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායකට කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , මියන්මාරයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 74 දෙනෙකු මියන්මාර ගුවන් සේවයේ ගුවන් යානයකින් අද 16 දින දහවල් 12.05 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. 16 May 2020
මධ්‍යම කඳුකරයට තද වැසි - විමල සුරේන්ද්‍ර සහ ලක්ෂපාන වාන් දොරටු විවෘත කරයි මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට රාත්‍රියේ සිට (16) දින අලුයම තෙක් කඩින් කඩ මිලිමිටර් 140 ක වර්ෂාපතනයක් ලැබි ඇති බව නුවරඑළිය ආපදා කලමණාකරණ ඒකකය පැවසිය. 16 May 2020
මිටියකින් කළ පහරදීමකින් දෙදෙනෙක් මරුට මත්පැන් සාදයක් අතරතුරදී පුද්ගලයන් කිහිපදෙනෙකු අතර ඇතිවූ බහින් බස් වීමක් දුරදිග ගොස් මිටියකින් සිදුකළ පහරදීමකින් දෙදෙනෙක් මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කර ඇතැයි හොරණ පොලිසිය කියයි. 16 May 2020
රත්නපුර ප්‍රධාන ගංඟා වල ජල මට්ටම ඉහළට කලුගඟ, වේ ගඟ, කුරු ගඟ , හංගමු ගඟ ඇතුලු රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ගංගා වල ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ යාම නිසා පහත් බිම් රැසක් අද (16) වනවිට ජලයෙන් යටවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 16 May 2020
ගිං ගඟේ ජල මට්ටම ඉහළ නගී අධික වර්ෂාවත් සමඟ ගිංගගේ තවලම ජලමාපකයේ ජල මට්ටම අද (16) උදැසන වනවිට මිටර් 4.32ක් දක්වා ඉහළ ගොස් ඇති බව ගිංගග වාරිමාර්ග ඉංජිනේරු චාමර යාපාආරච්චි මහතා පවසයි. 16 May 2020
ජපානයේ සිරවී සිටි 235 ක් රැගෙන එති ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ජපානය තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 235 දෙනෙකු අද (16) දින අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි. 16 May 2020
කොරෝනා ආසාදිතයින් ගණන 935 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 935 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 15 May 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026