(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බුර්කාව සහ මද්‍රසා පාසල් කඩිනමින් තහනම් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය සරත් වීරසේකර මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.
පාස්කු ප්‍රහාරයට ලක්ව මියගිය ජනතාව වෙනුවෙන් එම සහාසිකයනට සහ එය සැලසුම් කළ අපරාධකරුවනට නීති ප්‍රාකාරව උපරිම දඬුවම් දීමට ක්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍යවරයා කීය.
එම ක්‍රියාවලියේ ප්‍රගතිය මෙන්ම ජනතාවගේ ඉදිරි ආරක්ෂව සඳහා රජය ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිරන්තරයෙන් පාර්ලිමේන්තුව දැනුම්වත් කරන බව ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටමැත දොඩවන එක විතරයි.
"අවංකව නිසි ලෙස" වැඩ කරන මිනිසා "අඩුවෙන් කතාකරයි" යන පැරණි කියමන දියවනාව පට්ටියට අදාළ නොවීම කණගාටුවකි. 225 ම වාචාල විද්‍යාව පිළිබඳව පශ්චාත් උපාධිය ඉහළින්ම සමතුන් වීම මොනතරම් ආඩම්බරයක්ද..? කතාව අඩුවෙන් වැඩ වැඩියෙන් කිරීම ලංකා මාතාවට හදවතින්ම ආදරය කරන මිනිසුන්ගේ නැණවත් ක්‍රියාවකි. 225 ටම මෙම අදහස් කියවීමට හැකිවේවා...!!!
දැන් දොළොස් මාසයකටත් වැඩි කාලයක් ගෙවුණා. ඒත් වැඩේ කරන්න වුවමනාවක් තිබුණු බවක් පෙනෙන්න තිබුණේ නැහැ. ඡන්දයක් ගැන කතා බස් ඇහෙනකොට ඔන්න ආයෙත් එළියට ඇවිත්...
ඔට්ටුයි බැරුවට... !!
ඕවා කළ හැකි දේවල් නොවේ.. ඇමැතිතුමා සුළු ජාතික ඡන්ද පදනම හදාගත්ත ප්‍රධාන දේශපාලන පක්ෂයක් තියෙනවා. මූලික අරමුණ බලය ලබාගැනීම, පාර්ලිමේන්තුවේ බහුතරයත් උගත් අය නොවේ.. බාර්කරුවන්, පස් කපන්නන්, කුඩු ව්‍යාපාරිකයන්, කැලෑ කපන්නන් ලංකාවේ පාලන බලය ලබාගන්න හෝ ප්‍රබල බලපෑම් කරන්න පුළුවන් විදිහට සියල්ල සිදු වී හමාරය.
බුර්කාව හා මද්‍රසා පාසල් තහනම් කරනවා කියලා රටටම ඇහෙන්න කියන්න කලින් ගරු, අලි සබ්රි මහත්මයාගෙන් මේ ගැන ඇහුවා නම් නේද හොඳ? නැත්නම් ඉතින් අපට අන්තිමේ කියන්න සිදුවෙන්නේ "කටේ නරි වාදම් රෙද්ද පල්ලෙන් බේරෙනවා" කියලා කියන්න තමයි. අර භුමදානයක් අල්ලාගෙන කරපු විගඩම මතකයිනේ..!!!
සබ්රි කරන්න දෙයිද?
ඔයා තහනම් කරනවා. අප්පුච්චා ඒක අහක් කරනවා.
හොඳ බයිලා කියන කෙනෙක් තමයි...
ඒ වගේම දුශ්ශීල චීවරධාරී පිරිසත් ඉවත් කරන්න.
හරක් මරණ එක තහනම් කළාද? භූමදානය කරන එක තහනම් කළාද? නැහැනේ.. දැන් දැන් බුර්කාව තහනම් කරන්න හදනවා. ඔක්කොම කටින් විතරයි. තව ටික කාලයක් යනකොට ලංකාවේ හැමෝටම බුර්කාව දාන්න වේවිද දන්නේ නැහැ.
මේක තහනම් කළොත් තමයි මහජාතියට සතුටක් තියෙන්නේ. හැබැයි මාස්ක් නම් තව අවුරුදු ගාණක් දාන්න වෙයි හැමෝටම...
විඳින දුකක්...
තවත් පම්පෝරි කාරයෙක් විතරයි.
මෙහෙම තමයි පළාත් සභාව අහෝසි කරනවා කිව්වේ. කෝ වුණාද? දැන් පළාත් සභා ඡන්දත් තියනවයි කියලයි ආරංචි. මෙයාගේ කයිවාරු තමයි. රට පුරාම දිනපතා අහන්න ලැබෙන්නේ අපරාධ...
අනේ හැකිනම් ගමට ගිහින් පෙන්වන්න ගම්මුන්ගෙන් ගුටි නොකා... බොරුව තමයි.
අපරාදෙ කියන්න බෑ.. හරි අපූරුවට වෙනවා. ඩීල් දැම්මා එහෙම වෙන්න ඕනෑ තමයි. ඔහොම යන්... ඔහොම යන්...!!!
මෙතුමා මේ මොනවා කීවත්, ඔන්න අසාද් සාලි චැනල් එකක දුන්නා නියම උත්තරේ... ආණ්ඩුව මොනවා කීවත්, ඒ අයගේ නීතිය කිසිසේත් වෙනස් කරන්නේ නැහැ කිව්වා. මේ වෙලාවේදී බද්රානි මහත්මිය පැවසුවා වගේ මටත් මතක් වුනේ අර මලමිනී භූමදානයක් අල්ලාගෙන නටපු විගඩම ගැන තමයි. කොහොම වුණත්, සාලි ඇතුළු කණ්ඩායමට අප හිතුවාට වඩා ගැම්මක් තියෙනවා. මේ ඇමැතිතුමා ඒවා නොදන්නවා වගෙයි වැඩ කරන්නේ...
කටින් බතල හිටවනවා. වැඩක් කරපු පාටක් නම් නැහැ. ඕකනේ කවදත් සිද්ද වෙන්නේ...
සිංහල බෞද්ධයා රවට්ටලා ඡන්දෙ දිනලා දොඩවන හැටි. අප්පිරියයි.
මෙච්චර කාලෙකට කරපු දෙයක් නෑනේ මහත්තයෝ... බොරු බයිලා ගහන්න එපා.
ගැසට්වලින් එහෙම නොවේ. නීති ගැන අහන්න.
බොරු කයිවාරු.. කිය කිය ඉන්නේ නැතිව කරලා පෙන්වන්න. මේ අර 69 ලක්ෂයට සතුටු වෙන්න කියන කතා.
කරුණාකර දේශපාලකයින්ගේ වැල්වටාරම් විශ්වාස කරන්න එපා..!!!
කරනවා නම් හොඳ වැඩක්...
කඩිනමින් නේද? එහෙනම් කල් තියෙනවා...
අනිවාර්යයෙන්ම කළයුතු දෙයක්. නමුත් වෙනකම් විශ්වාස නැහැ.
කෙරුණාම කළා කියලා කියන්නම් ඇමතිතුමෝ...!!!
බලය ලබා ගැනීමට යම් අවස්ථාවක ඡන්දය මදි වුණොත්, සිංහලයින්ට හෙනගැහුවත් , පාලනය අතට ගෙන සාක්කු පුරවාගැනීම සිංහල බෞද්ධ දේශපාලකයින් වන අපේ අධිෂ්ඨානය. නැතිනම් ප්‍රධාන පක්ෂ දෙකේ නායකත්වයට සිංහල රට රැකගැනීම සඳහා එක්සත් වීමට බැරි ඇයි?