
(*** සුජිත් හේවාජුලිගේ සහ *** අංජුල මහික වීරරත්න)
සීනි ආනයනයේදී රජයට 2020 ඔක්තෝබර් මස 14 වැනිදා සිට මෙම වසරේ පෙබරවාරි 20 වැනිදා දක්වා වූ කාලයේදී රුපියල් කෝටි 1600ක පමණ පාඩුවක් සිදුවී ඇතැයි මුදල් අමාත්‍යාංශය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් කළ විමර්ශන වාර්තාවක දැක්වෙන බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවැසීය.
මේ පාඩුව සිදුවී ඇත්තේ අපේක්ෂිත බදු ආදායම් අහිමිවීම නිසා යැයි ද ඔහු කීය.
සීනි බදු අඩු කිරීම නිසා මෙරට ප්‍රධාන පෙළේ ආනයනකරුවන් හය දෙනකුට වැඩි වාසියක් සැලසී ඇතැයි පෙනී යන බව මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.
මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (9) පෙරවරුවේ රැස්විය. මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මේ වාර්තාව බාරදී ඇත්තේ එම රැස්වීමේදීය.
මේ තත්ත්වය යටතේ මේ බදු ආදායම් අහිමිවීම සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් පැවැත්විය යුතු බවට කමිටුව නිර්දේශ කරන බවද සභාපතිවරයා පැවැසීය.
ලෝක වෙළෙඳපොළේ සීනි මිල ඉහළ යෑම නිසා පාරිභෝගිකයන්ට සහන සැලසීමේ පියවරක් ලෙස රජය සීනි බද්ද ශත විසිපහක් දක්වා අඩු කිරීමේ තීරණය ගත් බවත් මෙම අඩුකිරීම යම් පමණකට සාර්ථක වුවත් යම් පමණකට අසාර්ථක බවත් යාපා මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් මුල් බද්ද තිබුණා නම් මෙරට වෙළෙඳපොළේ සීනි මිල අසීමිත ලෙස ඉහළ යෑමට ඉඩ තිබූ බව ද ඔහු කීය.
සියලු ආයතන එක්වී තීන්දු ගැනීමේ අඩපාඩුවක් ද මෙහිදී නිරීක්ෂණය වූ බවත් සීනි තොග ආනයනය කරන අවස්ථාවේදී මෙරට ගබඩාවල යම් සීනි තොග ප්‍රමාණයක් තිබී ඇතැයි තොරතුරු අනාවරණය වී ඇති බවත් මුදල් කාරක සභාව පවසයි.
මෙම කාරක සභා රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරුන්වන සුසිල් ප්‍රේමරත්න හා විදුර වික්‍රමනායක, මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, එම්.ඒ. සුමන්තිරන්, නලින් ප්‍රනාන්දු, විජිත හේරත් හා ඩිලාන් පෙරේරා යන මහත්වරුන් ද මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වෝහාරික විගණනය කියන්නේ පට්ටපල් බොරුවක්. මේ පාඩුව මදිවට, තවත් මහජන මුදල් නාස්ති කරමින් තවත් පාඩුවක්. මහ බැංකු බැඳුම්කර වංචාවටත් මෙහෙම වෝහාරික විගණනය කළානේ... මොනවද වුණේ? ඉතිහාසයේ කොමිසම් සභාවලින් සහ විගණන කිරීමෙන් පාඩු මිස කිසිම ප්‍රයෝජනත් නැහැ. කාටත් දඬුවම් දීලත් නැහැ. මේකට හොඳම උදාරණයක් තමයි වත්මන් ජනාධිපති ලේකම්... ඔහුට අධිකරණ නියෝගයක් දුන්නා කිසිම රජයේ තනතුරු දරන්න බැහැ කියලා. ඒ ඔහු රටට කළ පාඩුව නිසා. දැන් ඉතින් කෝ?
සර්ලාට උපදෙස් දෙන්න ඉන්න හැට හුටාහමාරක් ආචාරියන්ට තවත් පිං පඩි දෙන එක ගැන හිතන්න කාලය ඇවිත්. එහෙම නැත්නම් දූෂිත දේශපාලුවන් එළවා දමන්නට එයට එරෙහි වෙන්නට කාලයයි...
මේ සීනි වංචාවේ මුල ඉඳන් අගට යනකල් සහ සුද්දෙන් කිව්ව අනුර කුමාර... නමුත් එක රටේ ඉන්න මොලේ අධික 68 ලක්ෂෙට තියා අනෙක් 59 ලක්ෂෙටවත් තේරුණේ නැහැ. විගණකාධිපතිලත් පව්. එයාලත් බාරෙ ඔප්පු කරන්න වගේ වාර්තා දෙනවා. නමුත් වෙච්චි දෙයක් නැහැ. රටේ ඉන්න මැටි මෝල්ලුන්ට අමාරුවක් නැතිනම් ඉතින් වෙන මොන එකක්ද?
ග්‍රීසියේ බැඳුම්කර ගනුදෙනුවයි මහබැංකු මංකොල්ලයයි මීට වැඩිද? අඩුද? රට කාට ගියත් අපේ තර්කය ඒකයි...
දේශපාලකයෝ ඔක්කොම කතා කරන්නේ නම් ඔස්තාර්ලා වගේ. ඒත් මහා මෝඩ රැළක්. මේ හොර රැළට එරෙහිව, පාට, පක්ෂ බලන්නේ නැතිව එළියට බහින්න කියලනේ. නැතිනම් චීනෙට අයිති, වනාන්තර නැති කාන්තාරෙක තමයි අපිට මැරෙන්න වෙන්නේ. මේවට වගකියන්න ඕනෑ අය ඇමෙරිකාවට පැනලා යයි.
රටට පාඩුවක් වුණාට කවුරු හරි දේශපාලකයෙකුට හොඳ ලාබයක්, වාසියක් වෙන්න ඇති නිසැකවම...
එදා වියතුන් නැති මග මහ බැංකු මංකොල්ලයේ පාඩුව 11 බිලියනයයි. අද වියතුන් ඇති මග සීනි මංකොල්ලයේ පාඩුව 16 බිලියනයයි. තෙරුවන් සරණයි අපේ මව්බිමට..!!!