ගාල්ලේ ප්රදේශ රැසක ජනතාව ආරක්ෂිත ස්ථාන වලට
ගාල්ල දිස්ත්රික්කයේ නෙළුව,තවලම,බද්දේගම,නාගොඩ වැලි විටිය දිවිතුර ආදී ප්රදේශවලට හදිසි ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බැවින් එම ප්රදේශවල ජනතාව ආරක්ෂිත ස්ථාන වලට යොමු කිරීමට පියවර ගෙන ඇතැයි ගාල්ල දිස්ත්රික් ලේකම් සෝමරත්න විදාන පතිරණ මහතා පැවසීය.