ඩයනා උදයංගනී
බුර්කාව තහනම් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවට තමා ඊයේ (12) අත්සන් තැබු බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.
කළුතර මුණසිංහ ආරාමයේ දී අද (13) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
බුර්කාව ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව කී ඇමතිවරයා මෙරට ඇති දහසකට වැඩි මද්‍රසා පාසල් තහනම් කිරීමට ද ඉදිරියේ දී පියවර ගන්නා බව කීවේය.
අන්තවාදයට හේතුවන ආකාරයේ ප්‍රකාශයක් කර ඇති හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතාට එරෙහිවද නීතිමය පියවර ගන්නා බව ඇමතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කෙරෙනවා නම් හොඳ වැඩේ මහත්තයෝ.. නමුත් ඔබතුමා හැමදාම කළේ කටින් බතල කොළ හිටවන එක විතරයි. මේ මොන නාඩගම නැටුවත් සීනි හොරකම ජනතාවට වසන් කරන්න බැහැ.
පළාත් සභා නිසා කරන නාට්‍යයක් වෙන්නැති..
අනේ මගේ කට... දැන් ඉතින් බඩුමිල අඩුවෙලා. රැකීරක්ෂා ඇතිවෙලා රට සමෘධිමත් වේවි. මේවා හොඳයි ඉතින් අපේ මෝඩ රැළට පොඩි සොමියක් දෙන්න. දැන් ආණ්ඩුවට එල්ලෙන්න ඉතුරුවෙලා තිබුණේ මුස්ලිම් කාන්තාවන්ගේ බුර්කාවට...
පුදුමයි... !!!
කැබිනට් පත්‍රිකාවක් අත්සන් කළ පලියට නීතියක් වෙනවාද?
එතකොට මද්‍රසා පාසල් තහනම් කරන්න පරක්කු මොකද මහත්තයෝ? ෂරියා නීති, ෂරියා අධ්‍යාපන ආයතන, වහබ් වාදය තහනම් කරනවා නම් තව කොච්චර දේවල් තියෙනවද? තහනම ක්‍රියාත්මක කෙරුණු දවසක අපි විශ්වාස කරන්නම් මෙන්න මේවා කෙරුණා කියලා.
ඔව් දැන් මට පේනවා පප්පා ගම.., ඡන්දයක් අත ළඟ බව..
ඉම්රාන් ඛාන්ගෙන් අහලද දන්නේ නෑ සර්..?
අපරාදේ කඩදාසි වල සල්ලි...
මහාම විකාර කර කර මුස්ලිම් මනුස්සයාට රිද්දනවාට වඩා හොඳයි මුස්ලිම් ආගම ලංකාවෙන් තහනම් කරලා දැම්මා නම්...
තවත් බොරු කරන්න එපා! හෙන ගහනවා!
මහා අන්තවාදී වැඩක්... මෙයාගේ කතාවෙන් තෙරෙනවා මෙයා අන්තවාදී, ජාතිවාදී කියලා, පාස්කු විමර්ෂණ වාර්තාව ගලගොඩ ඥාණසාර හිමි ගැන කියන එක පිලි ගන්නේ නෑලු, අනිත් දෙවල් පිළිගන්නවලු ඩබල් ගේම් ගහන්නේ..
සීනි ප්‍රශ්නය අවිලුණාට පස්සේ ඒක වහන්න ජාතික කොඩිය සහිත පාපිස්නයක් දැම්මා... එ්ත් වැඩේ හරි ගියේ නෑ. දැන් බුර්කාව දාලා බලන්නද කොහෙද යන්නේ...?
පාපිස්සෙන් වහන්න බැරි වූ සීනි බුර්කාවෙන් වැසිය හැකිද?
සෑම වර්ගයකම වර්ගවාදයෙන් විනාශ වී යන මගේ රටේ එයට විරුද්ධව හඬ නගන්න නැත්ද උගතුන් බුද්දිමතුන් නැත්ද? නැත්නම් බුදිද? කොමියුනිස්ට් වාදියනි, සිටිනවා නම් නව ආකාරයකින් අවදි වන්න. වර්ගවාදය ලෝකයම විනාශ කරන්න ආසන්නයි. අවදි වන්න. ජන වර්ග නොව මානව වර්ගය ආරක්ෂා කර ගන්න...
කැබිනට් පත්‍රිකාවද අත්සන් කරපුවාම රෙගුලාසි නීතියක් සම්මත වෙනවද?
සජිත් ප්‍රේමදාස ජනාධිපති වූ පසු, ආයිත් බුර්කාව නැවත ලබාදෙනවා.
සිංහල, දෙමළ හෝ මුස්ලිම් වේවා..!!! අනාගතය සුරක්ෂිත වෙන්නේ ඒ ජන කොටසට ඇති ආර්ථික ශක්තියෙන් සහ ජනගහනයෙන්. එහෙම නැතිව බුර්කාවෙන්ද? බෝ ගස්, බුදුපිළිම, දාගැබ් ගණනෙන් නෙවෙයි.
මේක කෙරෙන වැඩක් නොවේ..
දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නය මේකනේ... අනේ මෙහෙමත් මිනිස්සු..
පාස්කු ඉරිදා කරපු අපරාධ බුර්කාවෙන්ද වහන්න යන්නේ මෙයා දැන්..? හැබැයි මද්‍රසා පාසල් නීතිගත කරනවලු. කාගේ වුවමනාවකටද?