( තිළිණි ද සිල්වා )
චීනයේ නිෂ්පාදිත “නොලිස්සන පාපිස්ස” මත ශ්‍රී ලංකා ධජයේ රූපය අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව හා ශ්‍රී ලංකා ධජය අනිසි ලෙස භාවිතා කරමින් පාපිසි සහ එවැනි නිෂ්පාදන නතර කිරීමට පියවර ගන්නා ලෙස චීනයේ බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාල එරට විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇත..
ඇමසෝන් වෙබ් අඩවිය මත මෙම නිෂ්පාදන අලෙවි කළ සමාගමෙන් ශ්‍රී ලංකාවේ ධජය භාවිත කරමින් මෙම පාපිසි සහ එවැනි නිෂ්පාදන විකිණීම වහාම නතර කරන ලෙසබීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ලිඛිතව දන්වා ඇතැයිද විදේශ අමාත්‍යාංශය කියා සිටී.
මේ වන විට එම දැන්වීම ඇමසොන් වෙබ් අඩවියෙන් ඉවත් කර තිබෙන බවද තානාපති කාර්යාලය කියා සිටී.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ පිළිබඳව සමීපව අධීක්‍ෂණය කරමින් සිටින අතර, ශ්‍රී ලංකාවේ ධජය සහිත ඕනෑම නිෂ්පාදනයක් නිෂ්පාදනය කිරීම හා විකිණීම අත්හිටුවීම සඳහා චීනයේ අදාළ බලධාරීන් හරහා සුදුසු පියවර ගනු ඇතැයි ද බීජිං හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවූද බොරු කියන්නේ? මේ මොහෙතෙත් වෙබ් අඩවිවල විකුණන්න තියෙනවා.
‘‘ශ්‍රී ලංකා මැට්‘‘ කියලා අන්තර්ජාලයේ සොයාබලන්න. එතකොට තේරෙයි තහනමේ තරම...
රාජපක්ෂලා චීනෙන් ගත්ත ණය කන්දරාව නිසා ලංකාවත් කවදාහරි හොංකොං වගේ චීන කොළණියක් වෙනවා.
පාපිස්ස්ට තහනමක්? තහනම් කරන්න වෙන මොකවත්ම නැතුව ඇති... මේවා කාට කියන්නද?