තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාවේ ජාතික ධජය ඇතුළත් කර නිෂ්පාදනය කර "ශ්‍රී ලංකා ෆ්ලැග් නන් -ස්ලිප් ඩෝ මැට්" ලෙසින් අන්තර්ජාලය මගින් මිලදී ගැනීමට ඇති පාපිස්නාවක් පිළිබඳව සුප්කරට "ඇමසෝන් . වෙබ් අඩවියෙහි දැක්වෙන දැන්වීමක් සම්බන්ධයෙන් ඇමසෝන් හි වෙළෙඳ ප්‍රචාරණ වෙබ් අඩවිය සමග මේ පිළිබඳ පසු විපරමක් සිදු කරන්නැයි විදේශ අමාත්‍යංශ ලේකම්වරයා ඇමෙරිකාවේ වොෂිංටන් ඩී.සී. හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ද උපදෙස් දී ඇතැයි විදේශ අමාත්‍යංශය කියා සිටී.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ජාතික ධජය පාපිස්නාවක් ලෙසින් දැක්වෙන අදාළ වෙළෙඳ දැන්වීම සම්බන්ධයෙන්, එහි චීන නිෂ්පාදකවරයා සම්බන්ධ කර ගන්නා ලෙසට විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත දැනුම් දී ඇතැයි එම අමාත්‍යංශය සදහන් කර සිටී.
අදාල නිෂ්පාදනය සම්බන්ධයෙන් එම අන්තර්ජාල වානිජ වෙබ් අඩවිය සිදු කර තිබූ ප්‍රචාරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයන්හි විවිධ වාර්තා පළ වී තිබුණි.
ඊට අවධානය යොමු කරමින් විදේශ අමාත්‍යංශ ලේකම්වරයා මේ සම්බන්ධයෙන් පසුවිපරම් හා අදාළ පියවර ගන්නැයි අමෙරිකාවේ හා චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත උපදෙස් දී ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම රටේම ජාතික කොඩි, පාපිසි විකුණන්න තියනවා. ඔවුන්ට ජාතික කොඩිය සංකේතයක් පමණයි, පූජනීය වස්තුවක් නොවේ. මෙය ලංකාවට එරෙහි කුමන්ත්‍රනයක්ද නොවේ. ලංකාවේ 90%ක් කොඩියට ගරු කරනවා, රටට කිසිම ආදරයක් නැහැ...
අපට නිල්, රතු, කොළ හෝ කවර වූ දේශපාලනයක වැදගත් කමක් නැත. එහෙත්, මේ දෙය වෙනත් රජයක් යටතේ සිදුවූවා නම්, විදේශ ඇමතිතුමා ඇතුළු පොහොට්ටුවේ දේශපාලකයන් මේ වනවිට ගිරිය පුප්පාගෙන මොරදෙන හැටි අපහට මැවී පෙනෙයි. එහෙත්, වරද සිදුවී ඇත්තේ තමන්ගේ රජය කාලයේ නිසා එතරම් කෑකෝ ගැසීමක් සිදු නොවේ. " කාලෙන් කාලෙට තාලෙන් තාලේ " කියන්නේ ඒ නිසා වෙන්න ඇති ...
ලංකා ධජය තිබුණු පාපිස්ස යට සීනි තිබිලා නේද?
අපිත් ඇමරිකන් කොඩිය ටොයිලට් පේපර් වල ප්‍රින්ට් කරලා හෝටල්වලට බෙදමු. ඕවත් වැඩද මේ අපිට?
රාජපක්ෂලා කොහොමත් ලංකාව චීනේ පාපිස්සක් කරලා ඉවරයි. බයියන්ට ඕවා තේරෙනකොට පරක්කු වැඩියි.
ලෝකයේ දියුණුම, බලවත්ම රටවල ජාතික කොඩි ඔය සපත්තු, සෙරෙප්පු පමණක් නොවෙයි ඇඳුම් වලත් තියෙනකොට, මේ ලෝකෙටම ණයවුණු, ගෝත්‍රික පාලකයින් රටපාලනය කරන, මෝඩයින් 69 ලක්ෂයක් සිටින මේ දූපතේ මන්ද බුද්ධික පිස්සන්ට පමණක් අවුල් ගිහිල්ලා. ඔය කියන ආයතන අපේ ආණ්ඩුවේ ඉල්ලීම් ගණන් ගන්නේ නැහැ.
රටම විනාශ කරලා කොඩියට විතරක් ගෞරව කරමු.
නැව් ගිලපු හොරු, දූෂිත දේශපාලුවෝ ඉන්න රටේ කොඩියයි, පාපිස්සයි විතරයි දැකලා තියෙන්නේ...
ඔය භාණ්ඩ විකුණන්න පටන් ගත්තේ අද ඊයේ නොවෙයි. නමුත් දූෂිත මැටි මෝල් දේශපාලු පාවාදෙන්නන් විසින් රටට කර ඇති විනාශය රටේ මහජනතාවට අවබෝධ වෙයි " කියන බිය නිසා මේ ගෝත්‍රික පාලකයිනුත්, ඔවුන්ගේ ඉඳුල් කන බත් බැලයිනුත් නිතරම "යමක්" සොයමින් ඉන්නේ... ජනතාවගේ අවධානය වෙනත් අතකට යොමුකරලා තමන්ගේ "නිරුවත" වසාගන්න. දූෂිත පාලකයින්ගේ, අදූරදර්ශී විදෙස් පිළිවෙත නිසා රටක් අහිමිවීගෙන යන ජාතියකට කොඩියක් මොනවටද...? අවසන් වරට අපේ රටේ විදෙස් ප්‍රතිපත්තිය මනාව කළමනාකරණය කරගත්තේ චන්ද්‍රිකා බණ්ඩාරනායක බව මම අදත් කියනවා. එදා ඇය අනාගතය හොඳින්ම දුටු "හොර චීනාව" අතේ දුරින් තබා ගත්තා. ඇයගෙන් පසු බලයට පත් රාජපක්ෂලාගේ නූගත්, බුද්ධි හීන ගතිගුණ හොඳින් හඳුනාගත් චීනා, ඒ මෝඩයින්ගේ නහය විදගත්තා. අද ඔය කරලියට ගෙනත් තියෙන සිංහ කොඩිය සහිත භාණ්ඩ නිෂ්පාදනය කරන්නෙත් ඒ චීනාම තමයි. මේ ළිං මැඩියන් කොයිතරම් කෑ ගැහුවත් ඔය කිසිම භාණ්ඩයක් අයින් කරගන්නේ නැහැ. අයින් කරන්නත් බැහැ. අපේ රටේ සිටින 69 ලක්ෂයක මෝඩයින් තවමත් හිතන්නේ ලෝකය තිබෙන්නේ ශ්‍රී ලංකාව ඇතුලේ කියලා. ඒ විදිහට හිතන්න පාලකයින් මෝඩ මිනිස්සුන්ගේ හිත් මෝහනය කරලා. අපේ අවාසනාව එයයි...
සුදුසු තැනටම වැටිලා වගේ...
මේ වගේ සමාගම් ලෝකයේ ප්‍රසිද්ධ රටවල කොඩි පමණක් නොවේ සුප්‍රකට ස්ථානවල ඡායාරූප වගේ දේවල් පවා යොදාගෙන මේ වගේ විවිධ දේවල් නිෂ්පාදනය කරනවා. වැසිකිලියේ භාවිතා කරන ඇතිරිලි, තුවා සහ ඇසුරුම් මේ අතරේ වඩාත්ම ජනප්‍රිය වෙළඳ භාණ්ඩ බවයි පෙනෙන්නේ. අපේ ජාතික කොඩිය යොදාගෙන මෙවැනි භාණ්ඩත් නිෂ්පාදනය කර තියෙනවා. මේවාට ඉල්ලුමක් ඇති. නැත්නම් ඒ මිනිස්සු මේවා හදන්න සල්ලි වියදම් කරන්නේ නැහැ. විවිධ මෝස්තරයේ "බුදුපිළිම" දැන් ලොව වටා සීඝ්‍රයෙන් විකිනෙන වෙළඳ භාණ්ඩයක් වෙලා. මේවා සමහර දෙනා මිලදී ගන්නේ සැරසිලි භාණ්ඩ ලෙසටයි. බුදුදහම ගැන දැනුමක් ඇතුව නොවේ...
ඔබ නිවැරදියි විජිත් මහත්මයා, රටේ ජනතාව ලෝකයා ඉදිරියේ අවමානයට ලක්වී ඇති මොහොතක ජාතික කොඩියකට මොන අභිමානයක්ද? මම නම් මේ අන්තර්ජාලයේ හොයමින් ඉන්නේ ඒ වර්ගයේ "ටොයිලට් පේපර්" චීන්නු විසින් වෙළඳ පොලට නිකුත් කර ඇතිද කියලයි? රටේ ජාතියට ගරු නොකරන පාලකයින් සිටින, රටක් හෝ කොඩියක් අපට අවශ්‍ය නැහැ. මේ රට වැදගත් ජාතියකට හිමිවිය යුතුමයි. අන්න එදාට සියලුම ජනවර්ග වලට එකිනෙකාට ගරු කරමින් මේ භුමියේ ජීවත් විය හැක. කාට තිත්ත වුණත්, ඇත්ත ඒකයි.
ස්තුතියි බද්රානි මහත්මිය. මගේ හිතේ ව්‍යාපාරික අදහසක් තියෙනවා ටොයිලට් පේපර් නිෂ්පාදනය කරන්න... අපේ රටේ දේශපාලුවන්ගේ ෆොටෝස් දමලා. ප්‍රජාතන්ත්‍රවාදය හොඳින් ක්‍රියාත්මක වන රටවල ඒවාට හොඳ ඉල්ලුමක් තියේවි. ලංකාවට හොඳ විදේශ විනිමයකුත් ලැබේවි...!!!
සීනි ප්‍රශ්නය යටගහන්න නේද මේ උප්පරවැට්ටිය දාන්නේ?
රටේ නායකයෝ රටේ මිනිසුන්ව ඒ තත්ත්වයට දාලා තියෙද්දි තව මොනවද
ජාතික ගීය දෙමළෙන් කීම තරම් අවමානයක් මේකෙන් වෙලා නැහැ නේද?