(මුදිතා දයානන්ද)
ශ්‍රී ලංකා ජාතික ධජය සහිත පාපිස්නා සහ පාවහන් අන්තර්ජාලය ඔස්සේ අලෙවිය සඳහා ප්‍රදර්ශනය කිරිම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි
මෙවැනි භාණ්ඩ මෙරට තුළ අලෙවි කිරිමට කිසිසේත්ම ඉඩ තියන්නේ නැතැයිද අලගියවන්න මහතා කියයි.
අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කරන ලොව ප්‍රමුඛතම ඇමරිකානු සමාගමක වෙඩි අඩවියේ මෙසේ මෙම භාණ්ඩ ප්‍රදර්ශනය කර තිබේ.
එහි ශ්‍රී ලංකා ජාතික ධජය සහිත පාපිස්නාවක් ඩෝලර් 12කට මිල කර ඇති අතර එය මෙරටට ගෙන්වා ගැනීම සඳහා නැව් ගාස්තු වශයෙන් අමෙරිකානු ඩොලර් 9ක මුදලක් අය කරන බවද, ශ්‍රී ලංකා ජාතික ධජය සහිත පාවහන් යුගලක් අමෙරිකානු ඩොලර් 20කට මිල කර ඇති අතර ඒ සඳහා නැව් ගාස්තු වශයෙන් අමෙරිකානු ඩොලර් 10ක මුදලක් සටහන් කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඬුවම් දෙනවා...!!!
"MADE IN CHINA" කියලා ඕවා යට පැත්තේ ගහලා තියනවද කියලා බලන්න. එය එසේ වේ නම්, නිවට ලෙස සුරතල් සිනහවක් පා නැට්ට බඩ යට ගහගෙන සුවසේ නින්දට යන්න. බොරුවට, සිංහ වෙස් අරගෙන නටන නරින්ගේ කෙරුවාව ගැන අපි නොදන්නවැයි....
ඔය එකතුවීම තිබ්බා.. අපේ ජාතික කොඩියයි, ඇමෙරිකාවේ කොඩියයි දෙකම තියන සෙරෙප්පු කුට්ටමක්.. එතකොට ඒක MCC එක වෙනුවෙන් ගහපු එකක්ද?
ලසන්ත මෙන්න කියලා දඬුවම් දෙයි. කවුරු කළත්, මේවා අනුමත කරන්න බැහැ. ඒත්, අපේ ජාතික කොඩිය පය පිහිනා මට්ටමකට, සෙරෙප්පුවකට දාන මට්ටමකට පත්කොට ඇත්තේ මේ පාර්ලිමේන්තුවේම අය නොවේද? හොර මැරකම් වල නියුතු වූවන් සිටිනා පාර්ලිමේන්තුවක් තිබෙන රටක එසේ වීම පුදුමයක්ද නොවේ. ඒ කෙසේ වෙතත්, ජාතියක අභිමානය වන ජාතික කොඩිය අද මේ රටේ ජීවත්වෙන සමහර දෙනා නියෝජනය වනවාදයි සැක සහිතයි.
මේවට නම් හොඳටම හිනායනවා. ඔය තියෙන කරුණාව ලංකාවේ ජීවත්වන අසරණයන් ගැන පහළ නොවුනේ මන්ද?
ලස්සනයි හොඳ වැඩක්... අනේ මෙහෙමත්...
මේවගේ විවිධ දේවල් ලෝකයේ බොහෝ රටවල ජාතික කොඩි භාවිතාකර නිෂ්පාදනය කර විකුණනවා. ඒ මගින් පෙනී යන්නේ ජාතික කොඩියට හෝ ඒ කොඩිය අයිති රටකට අපහාස කිරීමක් නොව ඒ රටවල් වල ජනප්‍රියතාවයයි. ඉල්ලුමක් නැත්නම් කවුරුවත් නිකරුනේ මේවගේ දේ නිෂ්පාදනය කරන්න සල්ලි නාස්ති කරන්නේ නැහැ. ළිඳ ඇතුලේ ඉඳගෙන උඩ බැලුවාම පෙනෙන්නේ ළිං කටෙන් පෙනෙන ටික විතරයි.
ඕක මේඩ් ඉන් චයිනා.. එයාලගේ කොළණියක කොඩියක් දාලා ඕනෑ එකක් එයාලට මහන්න පුළුවන්. මේ එයාලගේ රට...
ඔය චීන්නු ජාතික කොඩිය විතරක් නොවේ.. මෙරටම පාපිස්නයක් කරගෙන තියෙන්නේ දැන්. කොමිස් අරන් රට පාවාදුන් අය තමයි පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මව්බිම කියලා පපුවට අත ගහගත්තේ...
පාපිස්සෙන් සීනි හැංගුවා වාගෙයි !!!..
ජාතික කොඩියට මහලොකු නම්බුකාරකම් බලාපොරොත්තු වෙන ජාතිය... අන්න, මැදපෙරදිග රටවල අනාත වෙලා හිඟමනේ යනවා. රංචු පිටින් අසරණ සරණාගතයින් ලෙස මහපාරවල් වල ලගින මහලොකු ජාතිය? ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ හා යුරෝපයේ ජනතාවට හා එම රටවල පාලකයින්ට පින්සිද්ධ වෙන්න නම්බුකාරන් යයි හිතාගෙන ඉන්න ජාතිය යන්තම් කාලා බීලා හරි ජීවත් වෙනවා. එත් කෙලෙහිගුණ නොදත් සමහරක් එරටින් කාබී ලංකාවේ පාලකයින්ට ආවඩමින් සිටිනවා දුටුවිට නම් ඇතිවන්නේ පිළිකුලක්. තමන්ගේ රටට පැමිණීමට තානාපති කාර්යාලයේ ලියාපදිංචි විය යුතු වෙතින් ලිස්ට් එකේ සිටිය යුතු, වෙනත් ලෝකයේ රටක් ජාතියක් ගැන අහලා තියනවද? කෙසේ හෝ හිඟා කාගෙන ලංකාවට පැමිණෙන හිඟන්නන්ගෙනුත් ගසා කන හොර තක්කඩි ජාතියක් හා පාලකයින් මෙලොව ඔබ කවරෙකු හෝ දැක අසා තිබෙනවාද? තව මෙතන විලි ලජ්ජා නැතිව ජාතික කොඩියේ නම්බුකාරකම් ගැන කතා කරනවා. ඔය කොඩියේ සිංහයා හිටියට, ලෝකයා ඉදිරියේ පහත් වෙනවා නම් ඒ කොඩිවලින් ඇති පලේ කුමක්ද?
කල යුත්තේ එකම දෙයි. චීන ජාතික කොඩිය තිබෙන පාපිස්සක් ලංකාවේ නිෂ්පාදනය කරලා ඇමසෝන් එකේ විකුණන්න දාන එක.
දැන් කාටද ඔය දඬුවම් දෙන්නේ? ඇමසන් එකටද? නැත්නම් අර හදපු චීන කාරයාටද? මේ අය මේක අල්ලාගෙන සීනි හොරකම වහන්න හදනවා. බයියන්ට ඉතිං ඕක ඇති. දැන් පටන් ගනීවි ඉන්න රටක් තියනවනේ කියලා..
මම වරක්, 2007 කාලේ, දෙමළ ඩයස් පෝරාවට කීවා ප්‍රභාකරන්ගේ පොටෝ එක වැසිකිලි පෝච්චි වල ප්‍රින්ට් කරනවා කියලා. අපිත් ඇමරිකන් කොඩිය ටොයිලට් පේපර් වල ප්‍රින්ට් කරලා හෝටල් වලට බෙදමු. ඕවත් වැඩද මේ අපිට?
සුදු හාමුලාගේ බකිංහැම් එකේ නිවුස් නැද්ද?
කාටද දඬුවම් දෙන්නේ? චීන්නුන්ටද, සුද්දන්ටද, බලාගෙන ඒ අය බයවෙයි.
සීනි වංචා කළ අයට දඬුවම් දෙන්නේ නැද්ද?
ලංකාවේ නීතී පිටරටට බලපාන්නේ නැ කියලා දන්නේ නැද්ද මේ අය