(ඉන්දිකා රාමනායක)
මුස්ලිම් නීතිය වෙනස් කළ නොහැකි බවට හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පසුගියදා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන ලෙසට තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව මහජන ආරක්ෂක ය අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය.
අසාද් සාලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවශ්‍ය නීති මාර්ග ගන්නා ලෙසට ද දැනුම් දුන් බව අමාත්‍යවරයා කියා සිටියේය.
අසාත් සාලි මහතාගේ මෙම ප්‍රකාශයට එරෙහිව පාර්ශව රැසක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍යයෙන් වීදි සුනඛයින් බුරන්නේ වැඩක් නැති දේවල් වලටලුනේ..
ඇයි මේ මනුස්සයා කපපු පණුවෙක් වගේ දඟලන්නේ..? බොරු ප්‍රශ්න ඇදගෙන මෝඩ මිනිස්සුන්ගේ අවධානය ඒ පැත්තට හරවනවා. එ්ත් දැන් මිනිස්සු රැවටෙන්නේ නැහැ. රට මහා ප්‍රපාතයකට වැටිලා විනාශ කරලා තියෙන්නේ මේ ආණ්ඩුව බව කවුරුත් තේරුම්ගෙන අවසන්...
මුස්ලිම් නීති වෙනස් කරන්න බෑ කිව්වාට වඩා බරපතල රජයේ නීති ඔය ගොල්ලන්ට, ඒවා අපිට අදාළ නෑ කියපු එකයි. ඒ කියන්නේ ශ්‍රී ලංකා රජය පනවන නීතිවලට අවනත නොවන බවයි. බය නැතුව ඒ වගේ ප්‍රකාශයක් කරන්න ශක්තියක් ඇවිල්ල තියෙන්නේ කොහොමද කියලත් විමර්ශනය කරන්න ඕනෑ.
රටේ නීතියත් තමුන්ට ඕනෑ විදියට වෙනස් කරගෙන රජකරන පාලකයින් අපේ රටේ ඉන්නේ...