(මහින්ද නිස්සංක)
රාත‍්‍රී තැපැල් දුම්රිය නිදන මැදිරි වෙන්කිරීම යළි ආරම්භ කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව කොළඹ කොටුව - බදුල්ල හා කොටුව - මඩකලපුව, ත‍්‍රිකුණාමලය යන රාත‍්‍රී තැපැල් දුම්රියවල නිදන මැදිරි වෙන්කිරීම සඳහා මගීන්ට පහසුකම් සළසා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය.
රාත‍්‍රී තැපැල් දුම්රිය නිදන මැදිරිවල ඇඳ ඇතුරිලි සුද්ධ පවිත‍්‍ර කිරීම මුදල් ගෙවා බන්ධනාගාර දෙපාර්තමේන්තු මගින් සිදුකර ගන්නා බව පවසන දෙපාර්තමේන්තුව ‘කොරෝනා’ තත්ත්වය නිසා පසුගිය කාලය තුළ නිදන මැදිරිවල ඇඳ ඇතිරිලි සුද්ධ පවිත‍්‍ර කිරීම ප‍්‍රමාද වීම හේතුවෙන් රාත‍්‍රී තැපැල් දුම්රිය නිදන මැදිරි වෙන්කිරීම තාවකාලිකව නතර කර තිබූ බව ද කියා සිටියි.
දැනට කොළඹ කොටුව, මරදාන ඇතුළු ප‍්‍රධාන දුම්රිය ස්ථානවලින් නිදන මැදිරි වෙන්කිරීම සිදුකරගත හැකි බව ද දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කියා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදාගෙන යන්න තිබුණොත් විතරක් ඇද්ද? දුම්රියේ අනික් අවශ්‍යතා, වැසිකිළි පහසුව, පිරිසිදුකම ගැනත් වැඩි අවදානයක් තිබිය යුතුයි.
දැන් වහලේ තෙමෙන්නේ නැද්ද?
ඉස්සර වගේ මකුණො වැහිවැහැලා මේ ආසනවල
මිනිසුන්ට යන්න පුලුවන් ඕනිම කොච්චියක නිදාගෙන යන්න පුලුවන්
මේක හරියන්නේ නැහැ
නිදාගන්න විතරයිද පුලුවන්?
නිදාගෙන යනකොට පැය 02ක්, 03ක් පරක්කුවෙලා ගියාට කමක් නැහැ.