‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත ලබා ගැනීමේදී රුධිරය කැටි ගැසීමක් සිදුවන බව යුරෝපා සංගමයේ ඖෂධ පාලන අධිකාරිය පැහැදිලි කරයි.

යුරෝපා සංගමයේ ඖෂධ පාලන අධිකාරිය වෛද්‍ය පර්යේෂකයන් මෙසේ පැහැදිලි කළේ ඒ සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් කිරීමෙන් පසුවය.

‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත ලබා ගැනීමෙන් පසු යුරෝපා රටවල් කිපයක මරණ වාර්තා විය. ඒ, රුධිර කැටි ගැසීම් නිසාය. ඒ අනුව යුරෝපා රටවල් කීපයක එන්නත ලබා දීම තාවකාලිකව නවතා දැමීම ද සිසුවිය.

යුරෝපා සංගමයට අයත් යුරෝපා රටවලට ලබා දීම සිදුවන්නේ ඉතාලියේ ඇස්ට්‍රාසෙනකා ඖෂධ නිෂ්පාදන සමාගම නිෂ්පාදනය කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනකා එන්නතය.