
(රංජන් කස්තුරි)
සීනි ආනයනය කිරීමේදී අයකරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩුකිරීම හේතුවෙන් රජයට පාඩුවක් සිදු වී නැතැයි මුදල් අමාතයංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පවසයි.
රජයේ මූල්‍ය ප්‍රතිපත්තියට අනුව විවිධ අවස්ථාවල බදු අඩුවැඩි කරන බව සීනි බද්ද ශත 25 දක්වා අඩුකිරීමෙන් රජයට කිසිදු පාඩුවක් සිදුව නැතැයි ද රුපියල් බිලියන 15.9 පාඩුවක් වූ බවට කරන ප්‍රකාශ මුදල් අමාත්‍යංශය පිළි නොගන්නා බව ද ඔහු පැවැසීය.
අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල අඩුකිරීමට සහ පාරිභෝගිකයිනට සහනයක් ලබාදීමේ අරමුණින් සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝවකට රුපියල් 50 සිට ශත 25 දක්වා අඩුකිරීම නිසා පාඩුවක් සිදු වූ බවට නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ද ආටිගල මහතා පවසයි.
ඡායාරූප ළහිරු හර්ෂණ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීනි ආණ්ඩුව මෙහෙම කළාම නැවත රටේ ජනතාවට 70-77 යුගයේ හකුරු සමග තේ බොන්න වෙයි.
ආණ්ඩුවේ ඉඳුල් කන මෝඩ නිලධාරින්. අනාගතයේදී මේවාට උත්තර බඳින්නත් ලැහැස්තිවෙලා ඉන්න මහත්තයෝ...
මොන්ටිසෝරි ළමයි කියන කතා නේද? බදු අඩුකරලා බදු ආදායම අඩුවෙන්නේ නැතිද? පාරිභෝගිකයාට සහනයක් දුන්නේ නැහැ නේද?
එතකොට රු. 50 - රු. 0. 25 = රු. 49.75 බැගින් සෑම සීනි කිලෝග්‍රෑම් එකකින්ම රජයේ බදු ආදායම පහත වැටීම රජයට පාඩුවක් නොවෙයිද? රජයට පාඩුවක් ඇති බවට අංක ගණිතය දන්නා ඕනෑම කෙනෙකුට පැහැදිලිවන මේ සරල කාරණය පාඩුවක් නැති බවට පෙන්නුම් කරන මූලාශ්‍රය කුමක්ද?
සර් එහෙම කියන්න කිව්වද?
මගේ පෙරපාසල් යන දුවත් දන්නවා මේකෙන් ආණ්ඩුවට පාඩුයි කියලා. කවුද මේ පාඩු නැහැ කියන්නේ..? එහෙනම් කාටද ඒ වාසි ලැබුණේ? ජනතාවට හෝ ආණ්ඩුවටද? අපේ ආර්ථිකයට මේ වගේ කෙනෙක් ගෙනාවනේ...
කතාව හරි... බදු අඩු කලේ රජයට ලැබෙන ලාභය නොසලකා එම ලාභය ජනතාවට ලබාදීමේ අරමුණ ඇතිව වුවද ජාවාරම් කරුවන්ට අයුතු ලාභ ලබා ගැනීමට නොවේ.
ඊළඟට කියයි ඉබ්බන්ගෙන් තටු ගන්න එකත් හරිම ලෙහෙසි වැඩක් කියලා. මේ වගේ අය තමයි ඔය දේශපාලනේ දන්නේ නැති අයව ලෙහෙසියෙන්ම අන්දන්නේ...
කොන්ඩේ බැන්ද චීන්නුන්ට ඕවා කියාපන්....
අපේ රට තවමත් තුන්වෙනි ලෝකයේ රටක් වෙලා තියෙන්ට එක හේතුවක් නම්, අපි අපිටම බොරු කියා ගැනීමයි.
ලෝකෙන් උතුම් රට, ලෝකයේ අනිත් රටවලට වඩා, වෙනස් කියන්නේ. හොර තක්කඩි බදු ප්‍රතිපත්ති වලටත් මේ අය කියන්නේ බදු සහන කියලයි. හරි ෂෝක් නේද? කාටද ආඩම්බර??
හත්වලාමේ අපේ මුදල් අමාත්‍යංශයේ ලේකම් ?
සීනි වලින් ගසාගෙන කෑවද කියලා දන්නෙ නෑ. නමුත් ඕනෑ ම රජයක් කරන දෙයක් තමා ලෝක වෙළඳ පොලේ මිල ඉහළ යන කොට රට තුළ බදු අඩු කිරීම එවිට සිදු වන්නේ ැඅදාල භාණ්ඩයෙ මිල අඩු වීම නොව වැඩි නොවී ස්ථාවරව පවත්වා ගැනීම. මෙතනත් වෙලා තියෙන්නෙ ඒකමයි. එවිට රජයට ලැබිය යුතු අදායම අඩු වෙනව. නමුත් ජනතාවට සහන ලැබෙනවා. තවෙකක් කියන්න තියෙනවා, දැන් මේ රජයට එරෙහිව ජවිපෙ ප්‍රමුඛ කණ්ඩායම ක් FB එකේ විශාල ප්‍රචාරයකුත් ගෙන යනවා, කුඩා දේවල් විශාල කර පෙන්වමින් සහ බොරු දේවල් පෙන්වමින්
ආදායම අඩුවීම පාඩුවක් නොවන්නේ ඇයි?
කාටද එහෙනම් වාසි වුණේ? තකතීරු වහල්ලු.
මේ වගේ මොලේ කොලොප්පම් වෙච්ච නිලධාරීන් දාලා දැන් වැරැද්ද හදන්න හැදුවට, වෙච්ච පාඩුව සුලුපටු ගණනක්ද? කාගේ සාක්කුවටද ගියේ..? මේ අයට හෙණ ගහනවා මහ දවල් කරන වංචාවලට.
අනේ මෙහෙමත් අය...!!!
පාරිභෝගිකයන්ට සහන සැලසිමට සිනි කිලෝවකින් අය කරන බද්ද රැපියල් 50 සිට ශත 25 ට අඩු කලා නම් සිනි කිලෝවක මිල 49.75 කින් අඩු විය යුතුය. එහෙම වෙන්නේ නැත්තම් එක්කො මට ගනන් බැ. නැත්තන් ආටිගල මහත්ත්යට ගනන් බැ