(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීකවීරරත්න)
නව ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සැකසීම සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුතු විශේෂ කමිටුවක් පත් කළ බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ වෙනම ස්ථානයක් මෙම කමිටු රැස්විම සඳහා වෙන් කර ඇතැයි ද ඇමැතිවරයා කියයි.
නව ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය සඳහා මහජන අදහස් ලබා ගැනීම ඉදිරි සති කීපයේදී කෙරෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.
සමූපකාර ක්ෂේත්රයේ පවතින අඩුපාඩු මඟ හරවා ගැනීම සඳහා සමූපකාර ප්‍රතිපත්තියක් ද සැකසෙන බවත් එම කටයුතු කඩිනමින් අවසන් කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමිෂන්, කමිටු මිසක් හරියට වැඩක් කරන පාටක් පේන්න නැහැ...
අනේ බන්දුල, දැන් ඔයත් කුණුවී ගඳගහන තවත් දේශපාලකයෙක් බව සිය දහස් වරක් ඔප්පුවෙලා හමාරයි. අර ගුරු වෘත්තිය කරගෙන හිටියා නම් තවමත් මිනිස්සු ගරු කරනවා. අද ඔයාව ජෝකර් කෙනෙක් විදිහටනේ මිනිස්සු සලකන්නේ...
ඔව් දැන් මට පේනවා... පප්පා ගම ඡන්දයට පෙර හොඳටම කලබල ගතියක්.