(සුජිත් හේවාජූලිගේ)
ශ්‍රී ලංකාවේ පැතිර යන කොරෝනා වයිරසයේ විකෘති ප්‍රභේදයක් සහිත රෝගියක් මහියංගනය ප්‍රදේශයෙන් හමුවී ඇතැයි ශ්‍රි ලංකා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිශක්තිවේද,අසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් වෙනම පරික්ෂණයක් පවත්වන බව ද ඔහු කියයි.
මෙම විකෘති වයිරස් ප්‍රභේදය හමුවී ඇත්තේ පසුගිය පෙබරවාරි මාසයේ ලබගෙන තිබූ සාම්පල් කීපයක් පරීක්ෂා කිරීමේදී යැයි වෛද්‍ය පර්යේෂකයෝ පවසති.
දකුණු අප්‍රිකාවේ පැතිර යන විකෘති කොවිඩ් ප්‍රභේදය ආසාදිත වූ රෝගියකු ද පසුගිය දා මෙරටන් වාර්තා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd