
ගුවන්යානාවලට යොදා ගැනෙන ගෑස් ටර්බයින එන්ජිමක් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව නිපදවා තිබේ.
යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ගුවන් නාවුක ඉංජිනේරු අංශයේ අවසන් වසර ඉගෙනුම ලැබූ එච්.ඞී.වී. අමරතුංග, ඞී.එම්. අන්නාසිවත්ත, එච්.එම්.එස්. ඩිලාංජය සහ වයි.ඒ.එම්. පරාක්‍රම යන සිසුන් විසින් මෙය නිපදවූ අතර එම ඉංජිනේරු අංශයේ අධ්‍යාපනය ලැබූ ප්‍රථම සිසුන් කණ්ඩායම ද ඔවුහු වෙති.
ගුවන් නාවුක ඉංජිනේරු අංශයේ සම්බන්ධීකාරක සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සාලිය ජයසේකර මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙය නිපදවීය.
මෙම ගෑස් ටර්බයින එන්ජිමේ ඇති සුවිශේෂත්වය නම් දේශීය අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන නිපදවීමය.
මෙම එන්ජිම මධ්‍යයේ පිහිටුවා ඇති සම්පීඩකය මගින් එහි වටා ඇති කැනූල ප්‍රමාණයේ කුටීරවලට වාතය සම්පීඩනය කරන අතර එමගින් ඉන්ධන සම්පූර්ණයෙන්ම දහනය කිරීමට පහසුව සැලසේ. එමෙන්ම පිළිස්සුන ගෑස් සෘජුවම ටර්බයිනයේ භ්‍රමකයට ගමන් කරන අතර කාර්යක්ෂමව බලශක්තිය ලබාදීම සිදුකෙරේ.
මෙම එන්ජිමේ බොහෝ උපාංග දේශීය නිපදවා ඇති අතර ඉන්ධන ඉන්ජෙක්ටර් ලබාගෙන ඇත්තේ පැරැණි මෝටර් රථයකිනි. එමෙන්ම දාහක පාලන විද්‍යුත් පරිපථය නිර්මාණය තිබෙන්නේ ඉවත දමන ලද ඉලෙක්ට්‍රොනික උපකරණවල ඇති කොටස් උපයෝගී කරගෙන බව නිර්මාණකරුවෝ පවසති.



(ගයාන් සූරියආරච්චි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන් යානා සහ යුද නැව් හදලා පිට රටවලට විකුණපු බුද්ධිමත් ජාතියක් හිටපු රටක් මේක.. අද පරපුරට මේ ටික කරන්න බැරි වෙනවා නම් ඒ ගැනයි ලැජ්ජා වෙන්න ඕනෑ. මම බලාගෙන ඉන්නේ දඬුමොනරයේ තාක්ෂණය ගැන කවුද පරීක්ෂණයක් කරලා ඒක නැවත උපද්දවන්නේ කියලා.
ඉතාම හොඳයි, තාක්ෂනය වැඩි දියුණු කරලා දේශීය සැහැල්ලු ගුවන්යානා හදන්න හැකියාව ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.
මේ බුද්ධිමත් විශ්ව විද්‍යාලයීය සිසුන්ට සැමගේ උපහාරය..!!! මෙවන් උගත් සිසුන් සිටිනා රටේ තමයි ජාතික විශ්ව විද්‍යාල ඇතැම් දෙනා පහත්කොට සලකන්නේ... සිසුන්ට වඩවඩාත් පහසුකම් සැපයීම සිදුකොට බුද්ධිමතුන්ගෙන් මේ රටට වැඩි දායකත්වයක් ලබාගැනීමට සිතීම වැදගත්.... එසේම විශ්ව විද්‍යාල තුළ ඇති අන්තවාදී දේශපාලන රැල්ල අධ්‍යාපන කටයුතුවලට ගෙනදෙන්නේ විශාල පාඩුවක්.
උදව්වක් දෙන්න.. රට තුළ භාවිතය සඳහා බෝට්ටු එන්ජිමක්, දෙකක් සාම්පල ලෙස හදාගත්තොත් නරකද?.
පුතාලාට අපගේ උණුසුම් සුබපැතුම්..!!! සෑම රෙද්දක්ම දියව් දියව් කියමින් වටිනා කාලය නැතිනාස්ති කරන අන්තරේ හෝතඹුවන්ට, මේ දරුවන්ව ආදර්ශයක් වේවා..!!
ශ්‍රී ලංකාවට ලොකු අභිමානයක් දැරුවනේ... යම්දිනක අපගේ මව්බිම හිනිපෙත්තටම ඔසවා තැබීමට ශක්තිය, ධෛර්යය ලැබේවා කියා ඉතසිතින් පතමි.
ගොඩක් හොඳයි....ඒත් අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන ආකාරයට කොටස් නිෂ්පාදනයට යොමුවන්න.