IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


ජල ව්‍යාපෘතියේ කෝටි 6ක් බහිරවයාට

(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහිකවීරරත්න)

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (ජැයිකා) ආධාර යටතේ 2013 වසරේදී  නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක කෙරුණු ජල සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඩී.අයි පයිප්ප හා උපාංග ගෙන්වීමේදී රුපියල් හයකෝටියකට අධික පාඩුවක් සිදු වී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවෙදී තොරතුරු හෙළිවිය.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

මහා භාණ්ඩාගාරය එම ව්‍යාපෘතියට අවශ්‍ය ඩී.අයි පයිප්ප සහ උපාංග ගෙන්වීමේ කාර්යය ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට පවරා තිබූ අතර එම මණ්ඩලය එම කොන්ත්‍රාත්තුව ඇක්සස් ඉන්ටර්නැෂනල්  ආයතනයට ලබාදී තිබිණැයි ද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පවසයි.

එම භාණ්ඩ බදු නොගෙවා ගුදම් ගත කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව ඇක්සස් ඉන්ටර්නැෂනල් ආයතනයට අවස්ථාව ලබාදී ඇති අතර ඒ සඳහා රේගු සටහන් කර 8ක් නිකුත් කර ඇතැයි කියන කමිටුව භාණ්ඩ ගුදම්කර වටිනාකම ඇමෙරිකා ඩොලර් 5139621ක් නමුත් එම භාණ්ඩ ගුදමෙන් නිදහස් කර ගැනීමේදී දේශීයව සැකසූ ඉන්ඩෙයිස් භාවිත කර එහි වටිනාකම ඇමෙරිකා ඩොලර් 6350364ක් ලෙස දක්වා ව්‍යාජ තොරතුරු සටහන්කර ඇමෙරිකා ඩොලර් 1207598ක මුදලක් ඇක්සස් ඉන්ටර්නැෂනල් ආයතනයට ලබා ගැනීමට ඉඩ සලසා දීම සම්බන්ධයෙන් ද කමිටුවේ අවධානයට යොමු විය.

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශීය මෙන්ම දේශීය මුදල් ද අයාථ ලෙස ලබාගෙන තිබියදී ශ්‍රී ලංකා රේගුව එය ඇක්සස් ඉන්ටර්නැෂනල් ආයතනයේ වරදක් නොවන සේ සලකා විමර්ශනය අවසන් කිරීම සම්බන්ධයෙන් ද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දී විමර්ශනයට ලක්විය.

මේ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා නව කමිටුවක් පත්කර ඇති බවත් එහි වාර්තාව අප්‍රේල් 01 වැනිදාට පෙර ඉදිරිපත් කිරීමට හැකි බවත් රේගුඅධ්‍යක්ෂ ජනරාල්වරයි මෙහිදි සඳහන් කළේය



අදහස් (6)

ජල ව්‍යාපෘතියේ කෝටි 6ක් බහිරවයාට

සමිත සේනක අලුත්ගමගේ. Monday, 15 March 2021 12:57 AM

"හොර මැර වංචාව පිරිලා සතර අතේ ... ඉහළ සිටම පහළට එය ගලනු ඇතේ ... ඉහළ හොරුන් සැම තැනකම නිදොස් වෙතේ ... පහළ එවුන් ගැන පමණක් සොයනු ඇතේ ... "

:       0       0

bandula Monday, 15 March 2021 03:42 AM

කජු ඇටද? කොස් ඇටද?

:       0       0

janabala asamagi Monday, 15 March 2021 03:42 AM

ගෝල්ඩන් කී ආයතනයේ තිබෙන ජල සම්පාදන එක ඉංජිනේරුවන්ගේ මිලියන 21.. මේවායෙන් උපයාගත් මුදල් තම විධායකයේ වත්කම් පරීක්ෂා කළොත් ඔක්කොම එළිවෙනවා.

:       0       0

sharm warn Monday, 15 March 2021 03:56 AM

අපෝ... ඉතින් මේක විතරද මේ රටේ බහිරවයා ගිල්ලේ සහ ගිලින්නේ..? චීන බහිරවයෙකුයි, ඉන්දියන් බහිරවයෙකුයි රටේ ඉඩම් ගිලගෙන ගිලගෙන යන්නේ ඔය ඇස් ඉස්සරහා පිටම... මොකෝ රටේ ඉන්න බූරුවන්ට වගේ වගක් තියෙනවා කියලද?

:       0       0

jagath Monday, 15 March 2021 04:27 AM

නඩුත්, බඩුත් හාමුදුරුවන්ගේ කිව්වලු.... "ලංකා රේගුව එය ඇක්සස් ඉන්ටර්නැෂනල් ආයතනයේ වරදක් නොවන සේ සලකා විමර්ශනය අවසන් කිරීම සම්බන්ධයෙන් ද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දී විමර්ශනයට ලක්විය. මේ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා නව කමිටුවක් පත්කර ඇති බවත් එහි වාර්තාව අප්‍රේල් 01 වැනිදාට පෙර ඉදිරිපත් කිරීමට හැකි බවත් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදි සඳහන් කළේය..."

:       0       0

Purawesiya Monday, 15 March 2021 04:38 AM

මෙම ආයතනය බිස්නස් ගනුදෙණු වලදී හරිම කුප්‍රකට විදිහට මීට පෙර නොයෙකුත් අවස්ථාවලදී හැසිරී තිබෙනවා නේද? මෙවර මෙයා එළියට ආවේ කාට හෝ දෙන්න පොරොන්දු වූ කොමිෂන් එකක් නොදුන් නිසාද? 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 300 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 649 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site