කියුබාව රහසක් හෙළි කරයි කියුබාවේ කොවිඩ් මරණ අවම වීමේ රහස වනුයේ කොවිඩ් - 19 ආසාදනය වී බරපතළ තත්ත්වයේ පසුවන පුද්ගලයින්ගේ අධික වේදනාව සමනය කළ හැකි ඖෂධ දෙකක් නිපදවීම යැයි කියුබා රජය කියා සිටී. 25 May 2020
ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් නුවර දේව මෙහෙයකට සහභාගී වු 40 කට කොරෝනා ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් නුවර දේවස්ථානයක පැවති දේව මෙහෙයකට සහභාගී වූ පුද්ගලයින් 40කට අධික පිරිසකට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන තිබේ. 25 May 2020
කොරෝනා අසාදිතයින් ගණන 1141 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1141 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. 24 May 2020
’ඇමෙරිකාවේ දේශපාලකයෝ කොරෝනා ගැන බොරු තොරතුරු පතුරවනවා’ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇතැම් දේශපාලකයන් ’’කොවිඩ්-19’’ වසංගතය සම්බන්ධයෙන් අසත්‍ය පතුරමින් සිටින බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. 24 May 2020
පන්සලේ ඉඩම හරහා යන්න එපා යැයි කීවාට විහාරාධිපති හිමියන්ට පහරදීලා ගිංතොට ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමියන්ට අද (24) සවස එම ප්‍රදේශයේම පුද්ගලයකු විසින් පහරදි ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 24 May 2020
කළු ගඟේ ජල මට්ටම ඉහළ නගී සමනල අඩවිය ඇතුළු ශ්‍රීපාද බටහිර බෑවුමට ඇදහැලූණු වර්ෂාව හේතුවෙන් පැය කිහිපයක් තුල කලූ ගගේ ජල මට්ටම සීග්‍ර ලෙස ඉහළ ගොස් අද (24) රාත්‍රී 08.00 වනවිට මීටර් 05.19 (අඩි 17) ඉක්මවූ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවයි. 24 May 2020
පැය 24 ක් තුළ ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 6,767ක් ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන්ගේ ගණන ඊයේ (23) වාර්තා වූ බවත් එම ගණන 6,767ක් බවත් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. 24 May 2020
නැවත විවෘත කිරීම ප්‍රමාද කරන්නැයි ඉන්දියාවේ විශාලම ප්‍රාන්ත තුනක් ඉල්ලයි නව කොරෝනා වයිරසය හේතුවෙන් වසා දැමුණු සිය ප්‍රාන්ත නැවත විවෘත කිරීම ප්‍රමාද කරන්නැයි ඉන්දියාවේ විශාලම ප්‍රාන්ත තුනක් එරට මධ්‍යම ආණ්ඩුවෙන් ඉල්ලා ඇත. 24 May 2020
කොරෝනා වයිරසයේ මුල සොයාගැනීමේ ඕනෑම උත්සාහයකට චීනය විවෘතයි නව කොරෝනා වයිරසයේ මූලාශ්‍රය සොයාගැනීම සඳහා ගන්නා ඕනෑම ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයකට චීනය විවෘත යැයි එරට විදේශ අමාත්‍ය වැන්ග් යී අද (24) පැවැසීය. 24 May 2020
තබ්බෝව අභයභූමියට අයත් රක්ෂිතයක දැව ජාවාරමක් තබ්බෝව අභය භුමියට අයත් විරක්කොඩිචෝලේයි රක්ෂීත වනාන්තරය වනසමින් දැව ජාවාරමේ නිරතවි සිටි දැව ජාවාරම් කරුවන් තිදෙනෙකු සමග රුපියල් ලක්ෂ 10 කට ආසන්න දැව තොගයක් සමග උපකරණ රැසක් කරුවලගස්වැව පොලිසියේ නිළධාරින් පිරිසක් අද ( 24 )අත් අඩංගුවට ගත් බව පවසයි. 24 May 2020
‘ද නිව්යෝක් ටයිම්ස්’‘ මුල්පිටුව අවමංගල්‍ය දැන්වීමක් වෙයි ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා වයිරස ආසාදිත මරණ සංඛ්‍යාව 100,000 ළඟා වීමත් සමඟ සිය මැයි 24 වැනිදා පුවත්පතේ මුල් පිටුව අවමංගල්‍ය දැන්වීමක් බවට පත් කිරීමට එරට ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත් පත පියවර ගෙන ඇත. 24 May 2020
වසර 148 කට පසු සිලුටු දෑතුඩුවා ශ්‍රී ලංකාවේදී බිත්තර දමයි සංක්‍රමණික පක්ෂයෙකු වන සිලූටු දෑතුඩුවා වසර 148 කට පසු ශ්‍රී ලංකාවේ දී බිත්තර දමා ඇතැයි බුන්දල ජාතික වනෝද්‍යානයේ භාරකරු අජිත් ගුණතුංග මහතා හෙළි කරගෙන තිබේ. 24 May 2020
මගීන් 16,600 ක් දුම්රිය ආසන වෙන්කරගෙන රාජ්‍ය සහ පෞද්ගලික සේවකයින් 16,600 ක් පමණ දුම්රිය ආසන වෙන් කරගෙන ඇති බවත් ඔවුන් සදහා අනිද්දා (26) සිට ලබන සිකුරාදා දක්වා දුම්රිය 27 ක් පිට පළාත් වල සිට කොළඹ දක්වා ධාවනය කිරීමට කටයුතු යොදා ඇතැයි දුම්රිය නියොජ්‍ය සාමාන්‍යාධිකාරී (වානිජ) වී.එස්. පොල්වත්තගේ මහතා පවසයි. 24 May 2020
පොලිස් අධිකාරීවරුන් 35 කට උසස්වීම් ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාව මත පොලිස් අධිකාරීවරුන් 35 දෙනකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සදහන් කළේය. 24 May 2020
වැටුපෙන් මුදල් අය කරගත්තැයි ලංකා ගුරු සංගමය නඩු කියන්න යයි තම වැටුපෙන් මුදල් අය නොකර ගන්නා ලෙසට ලිඛිතව ඉල්ලා සිටියදි විදුහල්පතිවරුන් ගෙන් සහ ගුරුවරුන්ගේ වැටුපෙන් මුදල් අයකර ගැනිමට විරුද්ධව ජනාධිපති ලේකම්වරයා ඇතුළු බලධාරින්ට විරුද්ධව ඉදිරි සතියේ නඩු පවරන බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසිය. 24 May 2020
'ඇමරිකාව සීතල යුද්ධයකට අපව තල්ලු කරනවා' ඇමෙරිකා එක්සත් ජනපදය’’ චීනය සමඟ පවතින සබඳතා ‘‘නව සීත යුද්ධයකට’’ තල්ලු කරමින් සිටින බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී අද (24) පැවසීය. 24 May 2020
ප්‍රසන්න අල්විස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ධූරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතා පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ ජාලිය සේනාරත්න මහතා පවසයි. 24 May 2020
වැරදි වෛද්‍ය වාර්තාව රෝහලෙනුත් සොරකම් කරලා ශරීරයේ ආසාත්මිකතාවයක් සම්බන්ධයෙන් වැරැදි වෛද්‍ය වාර්තාවක් ලබාදී ඉන්පසුව එම වාර්තාව අයතා ක්‍රමයකින් කුරුණෑගල රෝහල් බාරයෙන් අස්ථානගත කළැයි කියමින් කුරුණෑගල අලකොලදෙනියේ වකුගඩු රෝගියකුගේ දියණියක විසින් පෞද්ගලික වෛද්‍ය රසායනාගාරයකට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අද(24)පැමිණිල්ලක් කරනු ලැබ තිබේ. 24 May 2020
කොළඹ ගම්පහ හැර අනෙකුත් දිස්ත්‍රීක්ක අතර බස් ධාවනය අඟහරුවාදා සිට කොළඹ ගම්පහ දිස්ත්‍රීක්ක හැරුනුකොට අනෙකුත් සියලුම දිස්ත්‍රීක්ක අතර බස් රථ ධාවනයට අඟහරුවාදා (26) දින සිට අවස්ථාව හිමිවන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 24 May 2020
ගුවන් තහනමට පෙර ආ ලාංකිකයන්ට දැන් සයිප්‍රසයට යා හැකියි ගුවන් ගමන් තහනමට පෙර නිවාඩු සදහා පැමිණ යළි සයිප්‍රසයට යාමට නොහැකිවූ සයිප්‍රසයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට දැන් එහි යාමට හැකියාව ලැබී ඇතැයි ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශය කියයි. 24 May 2020
ගිලන්රථ රියදුරුට පහරදුන් සෞඛ්‍ය පරීක්ෂක අත්අඩංගුවට කොළඹ ලේ බැංකුවේ සිට අනුරාධපුර ජාතික රෝහල වෙත ගමන් ගනිමින් සිටි අනුරාධපුර රෝහලෙහි ගිලන්රථ රියදුරෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යක්කල පොලීසිය මගින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු අත් අඩංගුවට ගෙන ඇත. 24 May 2020
රත්නපුර අපදාවට ලක් වූ පවුල් 30 ක් සුරක්ෂා මධ්‍යස්ථාන 6 ක වැසි සහිත කාලගුණ තත්ත්වය රත්නපුර දිස්ත්‍රික්කයෙන් පහව ගොස් ඇතත් නායයාම්, තද සුළං සහ ගංවතුර හේතුවෙන් ආපදාවට පත් පවුල් 30ක පුද්ගලයින් 122ක් අද(24) උදෑසන වනවිටත් සුරක්ෂා මධ්‍යස්ථාන 6ක රැදි සිටින බව රත්නපුර දිස්ත්‍රික් මාලනී ලොකුපෝතාගම මහත්මිය පැවසුවාය. 24 May 2020
බංග්ලාදේශයේ රැදී සිටි ලාංකිකයින් 276 ක් යළි ශ්‍රී ලංකාවට බංග්ලාදේශයේ රැදී සිටි ශ්රීා ලාංකිකයන් 276 දෙනෙකු යළි මෙරටට රැගෙන , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(24) දින අලුයම ඩකා නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 24 May 2020
කොරෝනා අසාදිතයින් ගණන 1089 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1089 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 23 May 2020
රමසාන් උත්සවය හෙට දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අද (23)වනදා සවස් කාලයේ නව සඳ දර්ශනය වීම තහවුරු වී ඇති බැවින් මෙරට මුස්ලිම් ජනතාව හෙට (24) රමසාන් උත්සවය සමරන බව කොළඹ ප්‍රධාන මුස්ලිම් දේවස්ථානය ප්‍රකාශයට පත් කර තිබේ. 23 May 2020
පොළොන්නරුවේ ප්‍රධාන සහ මධ්‍ය පරිමාණ වි මොල් 8ක් හදිසි පරීක්ෂාවට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන සහ මධ්‍ය පරිමාණ වී මොල් අටක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති විශාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා ඇතුලූ නිලධාරින් 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද(23) සවස වැටලිමට ලක් කළහ. 23 May 2020
කොළඹට - ගම්පහට ඇඳිරිනීතිය ලිහිල් වෙයි දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතීය මැයි 26 අඟහරුවාදා සිට නැවත දැනුම් දෙන තුරු දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් ක්‍රියාත්මක වේ. 23 May 2020
ගත වූ පැය 24 දී ඇඳිරිය කඩ කළ 541 ක් අත්අඩංගුවට අද (23) උදෑසන 6.00 අවසන් වූ පැය 24 ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 541 ක් අත්අඩංගුවට ගෙන වාහන 138 ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 23 May 2020
තවත් 40ක් සුවය ලබා පිටව යති කොරෝනා ආසාදනය වීමෙන් ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 40දෙනෙකු සුව වී අද(23) දිනයේදී රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි. 23 May 2020
පකිස්තානයේ ගුවන් අනතුරින් 97ක් මරුට පකිස්ථානයේ කරච්චි නුවර ඊයේ(22) සිදුවූ ගුවන් අනතුරින් 97 දෙනකු මියගොස් ඇතැයි මේ වනවිට තහවුරු වී ඇති බව සින්ද් පළාතේ සෞඛ්‍ය බලධාරීහු පවසති. 23 May 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026