(සුජිත් හේවාජුලිගේ)
බත්තරමුල්ල වික්‍රමසිංහපුර වැඩිහිටි නිවාසයකින් කොවිඩ් අසාදිතයින් 58 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීහු කියති.
එහි සිටි ආවතේවකරුවෙකුට කොවිඩ් වයිරසය වැළදී සිටියදී මුලින්ම හඳුනාගෙන තිබිණි. ඉන්පසු වැඩිහිටි නිවාසයේ සෙසු පිරිස් ද පී සී ආර් පරීක්ෂණවලට යොමුකිරීමෙන් පසු තවත් 57 දෙනකුට වයිරසය අසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
අසාදිතයින් පිරිස නිරෝධායනයට යොමුකර ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම අසාදිතයින් පිරිසක් අද (19) හමුවී ඇත්තේ බත්තරමුල්ල ප්‍රදේශයෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd