(ඩයනා උදයංගනී)
සොබාදහම සුරැකීමේ සංගමය නියෝජනය කරමින් පරිසර සංවිධාන කිහිපයක තරුණ තරුණියන් පිරිසක් කොළඹ නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට විහාර මහා දේවි උද්‍යානයේ සවිකර තිබූ දැවැන්ත සිතුවමක් ඉවත් කිරීමට පොලිස් පරිසර කොට්ඨාශය අද (19) කටයුතු කළ අවස්ථාවේදී එම තරුණ තරුණියන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.
පරිසර විනාශයන්ට විරෝධය පාමින් අඩි 70 ක දිගකින් සහ අඩි 20ක උසකින් යුතුව එම තරුණ පිරිස නිර්මාණය කර තිබූ සිතුවම අද (19) උදෑසන එම ස්ථානයේ සවිකරනු ලැබ ඇත්තේ පස්වරුවේ පැවැත්වීමට නියමිත විරෝධතාවක් වෙනුවෙන් බව සිතුවම නිර්මාණය කළ කලාකරුවෝ පැවසූහ.
මෙය සවිකරනු ලැබුවේ කොළඹ නගර සභාවේ සහ පොලීසියේ අවසරයෙන් බව ද ඔවුහු සඳහන් කළහ.
කොළඹ මහ නගර සභා සේවකයන් ලවා පොලීසිය මෙය ඉවත් කරනු ලැබූ අවස්ථාවේ එය නිර්මාණය කළ තරුණ තරුණියන් චිත්‍රය බිම එලාගෙන ඒ මත වාඩි වී විරෝධය පළකරනු ද දක්නට ලැබිණි.
පොලිස් පරිසර සංරක්‍ෂණ කොට්ඨාශයේ සහ ජනාධිපති කාර්යාල විශේෂ පැවරුම් හා පරිසර කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් රාජපක්‍ෂ මහතා මෙහි දී පැවසුවේ ඉතා සුන්දර ස්ථානයක් වන විහාර මහා දේවී උද්‍යානයට ස්වභාවික සුන්දරත්වයට මෙවැනි විශාල ප්‍රමාණයේ බැනරයක් නොගැලපෙන බවයි.
මෙය සවිකිරීම වෙනුවෙන් පොලීසියෙන් නිසි අවසර ගෙන නොමැති බවත්, නගර සභාවෙන් අවසර ගෙන ඇත්දැයි යන්න ගැන පරීක්‍ෂණයක් කරන බව ද ඔහු පැවසීය.
පොලිසියෙන් අවසර ලබාගත්තේ නම් මෙම සිතුවම සවි කිරීමට සුදුසු ස්ථානයක් දිය හැකිව තිබූ බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සඳහන් කළේය.
(ඡායාරූප ශාන්ත රත්නායක)









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය අනුග්‍රහය තියෙන චිත්‍ර විතරද ප්‍රදර්ශනය කරන්න පුලුවන් ?එහෙම වෙන අපරාධ ප්‍රසිද්ධ කරන්න තහනම්ද
ජනපති සිතුවමකටත් බය හැටි! කෝ බලන්න මේක මෙහෙම කරන්න හේතුව ගැන එම නිර්මාණත්මක පබැදුම එනකම් බලන් ඉන්න අය?
මේ වගේ වැඩකට නැති වැඩ කරන්න පොලිසිය හරිම දක්ෂ නේ.
පහුගියකාලේ එහෙම වුනා නම් අම්මෝ !!
පරිසරය විනාශ වෙන එක නවත්වනවා වෙනුවට එයට විරුද්ධවෙන අය මර්දනය කරන්න අසාර්ථක උත්සාහයක යෙදෙන බවයි පෙනෙන්නේ. මේ වැඩේ කරන්න කියල අණ දීල තියෙන්නේ ඉහලම තැනකින් කියලත් කියනවා. පොලිසියත් අසරණ වෙලා ඇති.
තමන්ව විවේචනය කරන පොඩි ළමයින් ව මරන් කන්න හදනවා එහෙන්. ඒ මදිවට කොල්ලෝ අඳින චිත්‍රත් දැන් අයින් කරනවා. ආවේ නම් කොහොමද කොල්ලෝ කෙල්ලෝ අඳින චිත්‍රවලට මාධ්‍යවල අවධානය යොමු කරන්න කියලා කියාගෙන. ඒකට දැන්. ස්ක්‍රිප්ට් එකෙන් පිට පැනලා අඳින චිත්‍රවලටත් පණ බයයි!
මෙවැනි සිතුවමක වටිනාකම අනන්තයි. ඔහොම යමු.
මේ ලමයි අර පහුගිය කාලේ චිත්‍ර ඇදපු පුරුද්දට අදින්න ඇති. පවු. මේ ලමයින්ව දැනුවත් කරන්න ලබන ඡන්දෙට පස්සෙ තමයි ආයේ චිත්‍ර අදින්නෙ කියල. මේ ලමයින්ට කහනවනම් අර පරණ ඇදපු චිත්‍ර ආපහු පාට කරන්න කියන්න. දැන් ඒවයෙ ලෙලි ගිහිල්ලා.
කොල්ලො කුරුට්ටන්ට සෙල්ලම් දැම්මට හාල් මුදලාලිව දැක්කම ගැහෙනවා. ජනතාවට පාලන මිලකට කන්න දෙන්න බැහැ.
'රත්තරන්' ජාතික වීරයෙක් කරලා සිතුවමක් ඇන්දොත් ඒක තියෙන අරිනවද.?
ඔය චිත්‍රයේ ගස්වැල් අස්සේ T-56 ඒවා දෙක තුනක් තියෙනවා. යුද ටැංකි කීපයක් ඇඳලා. පරිසරය සුරකින, අපේ සර් ප්‍රමුඛ රණවිරුවන් සුරකිමු කියලා ලිව්වා නම් ඕක ගලවන්න තියා අත තියන්නවත් දෙන එකක් හැහැ. මේ දවස්වල අපේ සර් ප්‍රමුඛ ආණ්ඩුවට පරිසරය ඇලර්ජික්...
පින්තූරෙකටත් බයයි අපේ විරුවා...
මේ අය රටට ද්‍රෝහී වැඩක් මේ කරන්නේ. අල්ලලා හිරේදාන්න ඕනෑ. අපේ ආණ්ඩුව කැලෑවල් කපලා හෝටල් හදලා, පාරවල් හදලා දහස් ගාණකට රැකියා ලබලා දීලා රටේ ආර්ථිකය නංවලා ලංකාවම සිංගප්පූරුවක් කරන්නනේ යන්නේ....
කොහෙන් හරි කාලකණ්ණි රාජපක්ෂ කෙනෙක් ඇවිල්ලා කනවා. රාජපක්ෂ කියන්නේ නම් අපේ රටේ කරුමයක්...
දැන් ඔය චිත්‍ර මකන්න නියෝග දෙන කට්ටියම නේද ඉස්සර බිත්ති පුරා චිත්‍ර අඳින්න කියල ලොකු ව්‍යාපාරයක් සංවිධානය කරලා "ළඟදීම බිහිවෙන රටේ විශාල සෞභාග්‍යයක පෙර නිමිති තමයි මේ" කියලා ප්‍රෝඩාවක් ගෙනගියේ? ඡන්දෙන් පස්සේ ඒ චිත්‍ර අන්දවපු කෙනෙක් වත් ඇන්ද කෙනෙක්වත් හොයාගන්න නෑ. චිත්‍රවල සාමය හේදිලා, පතුරු ගැලවිලා පඳුරු වැවිලා.
නාගරික කොමසාරිස් මාර හිනායන කතාවක් කීවා. ඒ ස්ට්‍රක්චර් එක ගස්වලට ඇදලා බැඳලා ගස් ඇද වෙලාලු. අවුරුදු ගණන් පරණ විශාල පරිධියක් තියෙන ගස් මෙහෙම අදවෙන බව මම අදමයි ඇහුවේ. මෝඩකම තමයි. නැතිනම් ආණ්ඩුවේ රූකඩයක්.
එක පොලිස් කුක්කෙක් කියනවා " අපේ රජය...." කියලා. රජයේ සේවකයින්ට අර රජය, මේ රජය, අපේ රජය කියලා කියන්න ආයතන සංග්‍රහයේ ඉඩක් තියෙනවාද? මොන රජයක් යටතේ වුණත් රජයේ සේවකයින්ට ඔවුන්ගේ වැටුප් ගෙවන්නේ රටේ මිනිසුන්ගෙන් "බලෙන්" කපාගන්නා බදු මුදල් වලින්. ඒ බව ඔය කියන කෙනා නොදන්නේ මිනිහා පාසල් ගිහින් නැති නිසාද? නැතිනම් කොහේ හරි ඉන්න හොර දේශපාලුවෙකුගේ බලපෑමකටද?
සිතුවම ගලවන්න ගිහින් පොලිසියේ වස්ත්‍රය ගැලවුණා.