IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


ජාතික පරිසර පනතට නව වගන්ති 42ක්

(ඩයනා උදයංගනී)

ජාතික පරිසර පනත නව වගන්ති 42ක් ඇතුළත් කරමින් සංශෝධනය කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙම පනත වසර 20කට අධික කාලයක් කිසිදු සංශෝධනයකට ලක් කර නැතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

දැනට ක්‍රියාත්මක ජාතික පරිසර පනතේ පවතින බලතල පාරිසරික සුරක්ෂිතතාවය උදෙසා ප්‍රමාණවත් නොවන බැවින් මෙම පියවර ගන්නා බව ඇමතිවරයා කියයි.

මේ දිනවල ඇතැම් පුද්ගලයින් විසින් විශාල පරිසර හානියක් රටතුළ සිදු කරමින් සිටින බවත් මාධ්‍ය තුළින් පළ වන කරුණු අසත්‍ය නොවන බවත් කී ඇමතිවරයා ප්‍රාදේශීය දේශපාලකයින්, ජාවාරම්කරුවන් මෙන් ම ඇතැම් නිලධාරින් ද මෙම පරිසර හානිය පසුපස සිවින බව නොරහසක් යැයි සඳහන් කරයි

 



අදහස් (6)

ජාතික පරිසර පනතට නව වගන්ති 42ක්

Ruhunu Friday, 19 March 2021 06:41 AM

වගාවක් ආරක්ෂා කරගන්න පඹයෝ හිටවලා තියනවා. දැන් බැලුවාම මේවට පත් කරපු මැති අමැතිවරුත් ඒවගේ කියලයි හිතෙන්නේ

:       0       12

Raveendra Friday, 19 March 2021 07:07 AM

මෙම අට, පහ නොදත් තොත්ත බබා නිසා මේ මුකුත් දැනගෙන හිටියේ නැහැනේ. වාසනාවකට වගේ මම දැනගත්තේ මාධ්‍ය මගින්. ඉතින් අපි තීරණය කළා මේ පනත සංශෝධනය කරන්න. පනත සංශෝධනය කරලා ඉවර වෙනකොට පෙරහැර ගිහින් ඉවරයිනේ.. එතකොට මගේ ටිකත් ගොඩනේ මෙයා...

:       0       1

Ranjith Friday, 19 March 2021 09:32 AM

දැන් යන පිළිවෙලට ඔය කියන වගන්ති ක්‍රියාත්මක වෙන කාලේ වෙනකොට පරිසරයේ මොකුත්ම ඉතුරුවෙලා තියෙයිද ඇමති තුමෝ? ඔන්න "පරිසරය බේරාගනිමු" කියල අටවල තියෙන බෝර්ඩ් ලෑලි එහෙමත් ආණ්ඩුවේ ඉහලම තැනින් නියෝග ලැබිල ගලවාගෙන ගලවාගෙන යනවා. දැක්කේ නැද්ද ?

:       0       11

gamunu Friday, 19 March 2021 10:59 AM

ජාතික පරිසර පනත නව වගන්ති 42ක් ක්‍රියාත්මක කරන්නේ කවද්ද? අවශ්‍ය වෙන්නේ අනවසර ගස් කැපීම් නවත්වන එකයි. පස් සහ වැලි කැපීම්ද නවත්වන්න

:       0       9

Raveendra Saturday, 20 March 2021 01:49 AM

පුදුමයට කරුණ නම් පට්ටියේ "හරකුන්ගේ" සුබසිද්ධිය වෙනුවෙන් නම් පැයෙන් දෙකෙන් අවශ්‍ය තීන්දු තීරණ ඔක්කොම සම්මත කර ගන්න 225ම මේ සදහා "මුලග්ගින්න නිසා තටමනවා"....මෙම අදහස් දියවන්නාව ගාලේ "225 ම" දැකීමට මෙන්ම කියවීමට හැකිවේවා..!!! 

:       0       1

sharm warn Monday, 22 March 2021 03:34 AM

වගන්ති 42 නෙමෙයි 4200ක් දැම්මත් මොකක්ද ඇති වැඩේ? රාජ්‍ය අනුග්‍රහයෙන් පරිසරය විනාශ කෙරෙනවා නම්... වගන්ති ටික ගෙදර අරන් ගිහින් බිත්තියේ ගහගෙන උදේ, හවස දුම් අල්ලන්න. කියන්න මෙයාට..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 300 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 649 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site