වෛද්‍යවරුන් 4200 ක හිඟයක්
රටපුරා රෝහල් හා සෞඛ්‍ය මධ්‍යස්ථානවල වෛද්‍යවරුන් 4,289 දෙනකුගේ හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා පෙන්වා දෙයි. රේඛීය අමාත්‍යංශය යටතේ ඇති රෝහල් හා සෞඛ්‍ය මධ්‍යස්ථානවල වෛද්‍යවරුන් 2,249 දෙනකුගේද පළාත් අමාත්‍යංශ යටතේ ඇති රෝහල් හා සෞඛ්‍ය මධ්‍යස්ථානවල වෛද්‍යවරුන් 2,040 ක දෙනකුගේද හිඟයක් පවතින බව එම වාර්තාවල සඳහන් වේ.