ඕමානයත් සීමා ලිහිල් කරයි ඕමානයේ අගනගරය ද අයත් මස්කට් පරිපාලන ප්‍රදේශයේ ලොක්ඩවුන් සීමා ඉවත් කිරීමට එරට බලධාරීහු තීරණය කර ඇත. 27 May 2020
හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියට අභියාචනාධිකරණයෙන් අතුරු නියෝගයක් හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට ලබන 28 වැනිදා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (27) අතුරු නියෝගයක් නිකුත් කරන ලදී. 27 May 2020
’රැස්වීම් තියන්නේ නම් මීටරයට ඉන්න ඕනෑ’ කොරෝනා වයිරසයත් සමඟ ඇතිව තිබෙන වර්තමාන තත්ත්වය හමුවේ එළිමහනේ හෝ ගෘහස්ථ ස්ථානයක ප්‍රසිද්ධ රැස්වීම් පවත්වන්නේ නම් ඒවා මීටරය දුරකින් පවත්වාගත හැකි පුද්ගලයන් සංඛ්‍යාවකට සීමා කළ යුතු බව සෞඛ්‍ය අංශ නිකුත් කර ඇති උපදෙස් මාලාවේ සදහන් වේ. 27 May 2020
ඩුබායි නුවරට පැනවූ ‘ලොක්ඩවුන්’ සීමා ලිහිල් කරයි නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ ලොක්ඩවුන් සීමා ඉවත් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය තීරණය කර ඇත. 27 May 2020
ස්පාඤ්ඤය දින 10ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරයි චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් කියන නව කොරෝනා වයිරසයෙන් දැඩි බලපෑමක් එල්ල වූ ස්පාඤ්ඤය එම වයිරසයෙන් මියගිය අය සිහි කිරීම සඳහා අද (27) සිට දින 10ක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත. 27 May 2020
අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෙට යළි විවෘත කෙරේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අද (28) සිට යළි විවෘත කෙරෙන තානාපති කාර්යාලය සඳහන් කරයි. 27 May 2020
සිරුරු ආදාහනය කිරීමට එරෙහිව බදියුදීන්ලාගේ පෙත්සම ජූලි 22 දාට කෝවිඩ් 19 වයිරසය ආසාදනය වී මරණයට පත්වන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු ආදාහනය කිරීම ඉස්ලාම් දහමට සහ ඉගැන්වීමට පටහැනි බව පවසමින් හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා ඇතුළු හිටපු මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ජූලි මස 22 දින සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. 27 May 2020
කුවේට්හි සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් කුවේට් තානාපති අංශ සමග සාකච්ඡා කොවිඩ් 19 වසංගතය පැතිර යමින් පවතින කුවේට්හි රැදී සිටින ශ්‍රී ලාංකිකයින් තවදුරටත් මෙරටට ගෙන්වාගැනීම සම්බන්ධයෙන් එරට තානාපති අංශ සමඟ සාකච්ජා කරමින් සිටින බව විදේශ සබදතා අමාත්‍යාංශය පවසයි. 27 May 2020
දුම්රිය මගීන්ට නොමිලයේ යන්න දීම ගැන විමර්ශනයක් ඇදිරි නීතිය ලිහිල් කළ මුල්ම අවස්ථාවේ ප්‍රවේශ පත් නිකුත් නොකර මගීන්ට නොමිලයේ දුම්රියෙන් ගමන් කිරීමට ඉඩ දුන්නේ කෙසේ ද යන් පිළිබදව දුම්රිය දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ. 27 May 2020
රත්නපුර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානමක් පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගය පැතිරයාමේ විශාල අවදානමක් ඇති බව රත්නපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාන් කෝණාර මහතා පැවසීය. 27 May 2020
ඔස්ට්‍රේලියාව - නවසීලන්තය අතර ගමන් ලබන මාසයේදී ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගමන් බිමන් ලබන මාසයේදී ආරම්භ කිරීමට පියවර ගන්නා බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩෙන් අද (27) ප්‍රකාශ කළාය. 27 May 2020
සේවයට නොපැමිණිම සම්බන්ධයෙන් රජයේ වෘත්තිය සමිති චක්‍රලේඛයක් ඉල්ලයි කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ සමයේ සිට ආයතන වසා දැමීම නිසා සේවයට වාර්තා කිරීමට නොහැකිවූ රාජ්‍ය අංශයේ සේවකයින් ගේ සේවයට නොපැමිණි දින වෙනුවෙන් ගන්නා කි‍්‍රයාමාර්ග සඳහන් විධිමත් චක්‍රලේඛයක් මෙතෙක් නිකුත් වී නැතැයි රාජ්‍ය පළාත් රාජ්‍ය රජයේ වෘත්තිය සමිති සම්මේලනය චෝදනා කරයි. 27 May 2020
රූමස්සල සිරවූ නැව කපා ඉවත් කෙරේ වසරකට කාලයක් තිස්සේ උණවටුන රූමස්සල කඳු පාමුල කොරල්පරවල සිරවී තිබූ නැව පරණ යකඩවලට කපා ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි වරාය අධිකාරිය පවසයි. 27 May 2020
දින 49කට පසු දකුණු කොරියාවෙන් නව කොරෝනා ආසාදිත පොකුරක් දින 49කට පසු දකුණු කොරියාවෙන් නැවත වරක් නව කොරෝනා වයිරසය පැතිර යෑමේ අවදානමක් හටගෙන ඇත. 27 May 2020
අධි සංරක්ෂිත විල් මුව පැටියකු සොයා ගනී වඳවීයාමේ දැඩි තර්ජනයට ලක්වි ඇති ලංකාවේ කරන්දෙණිය හා ඒ අවටට පමනක් ආවේනික විල් මුව වර්ගයේ මුව පැටියකු රැලෙන් අතරමංව කරන්දෙණිය තුනේ කණුව ප්‍රදේශයේ නාමල් වසන්ත මහතාගේ ගෙවත්තට පැමින සිටියදි අද(27 ) උදේ අල්ලාගත් බව හික්කඩුව වනජීවි කාර්යාලය කීවේය. 27 May 2020
හල්දුම්මුල්ලේ ස්වාභාවික පිහිනුම් තටාකය ඉදිකිරීම අත්හිටුවයි හල්දුම්මුල්ල නීඩ්වුඩ් වතුයායේ පෞද්ගලික සමාගමක් මගින් ඉදිකෙරෙන ස්වාභාවික පිහිනුම් තටාකය කින් හල්දුම්මුල්ල නගරයට නාය යාමේ අවදානමක් ඇති වන බවට සභා මන්ත්‍රී කණ්ඩායමක් කළ පැමිණිල්ලකට අනුව එහි ඉදිකිරීම් අද 27 තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව කියයි. 27 May 2020
රත්නපුර ස්ථාන කීපයක් ජලයෙන් යටවෙයි : පස් කඳු කඩා වැටෙයි වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථාන කිපයක් අද (27) ජලයෙන් යටව් ඇති අතර පස් කදු වැටීම් ද වාර්තා වි ඇතැයි රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි . 27 May 2020
රාජිත තවදුරටත් රිමාන්ඩ් සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 10 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(27) නියෝග කළේය. 27 May 2020
නිකවැරටිය රෝහල් ලේ හිඟයට ’’පුංචි සුමිතුරෝ’’ ලේ දන් දෙති නිකවැරටිය රෝහලේ පසුගිය දා ඇතිවූ ලේ හිඟය මකන්නට දායක වෙමින්,නිකවැරටිය ජයන්ති නවෝදා මධ්‍ය විද්‍යාලයේ ’’පුංචි සුමිතුරෝ’’ සිසු කණ්ඩායම සංවිධානය කල ලේ දන් දිමේ වැඩසටහන අද 27 දා සවස පුරා එම විද්‍යාලයේදී පැවැත්වේ. 27 May 2020
පැය 24 කදී වැඩිම වර්ෂාපතනය රත්නපුරට දිවයිනේ ප්‍රදේශ රැසකට ඊයේ (26) රාත්‍රියේ තද වැසි ඇතිවූ අතර අද (27) අළුයම 5.30 ට අවසන් වූ පැය 24ක කාලයේදී වැඩිම වර්ෂාපතනයක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. 27 May 2020
දිස්ත්‍රික්ක 7කට නායයෑමේ අවදානමක් පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 7කට නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 27 May 2020
ඇමැති තොණ්ඩමන්ගේ අවසන් කටයුතු මැයි 31 දා ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සහ ප්‍රජා සවිබල ගැන්විමේ සහ වතු යටිතල පහසුකම් අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු මේ මස 31 දින නොර්වුඩ් ක්‍රිඩාංගණයේදි සිදු කරන බව ලංකා කම්කරු කොංග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපති එස්.සත්‍යවේල් මහතා පැවසිය. 27 May 2020
හාල් මිල ගැන ආණ්ඩුවේ පිළිවෙත හා ගැටෙන මෝල් හිමියෝ රජය මගින් පනවා තිබෙන පාලන මිලට අනුව කොන්දේසි විරහිතව වෙළෙඳ පොළට අවශ්‍ය සහල් තොග සැපයීමට ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදකයන් ඇතුළු සහල් මෝල් හිමියන් එකඟ වූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 27 May 2020
ආරුමුගන් තොන්ඩමන්ගේ අවසන් කටයුතු 31 වැනිදා නොර්වුඩ් ක්‍රීඩාංගණයේදී හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් මියගිය ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ ප්‍රජා සවිබල ගැන්විමේ සහ වතු යටිතල පහසුකම් හිටපු අමාත්‍ය ආරුමුගන් තොන්ඩමන් මහතාගේ අවසන් කටයුතු මේ මස 31 වැනිදා නොර්වුඩ් ක්‍රීඩාංගණයේදී සිදු කරන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති එස්.සත්‍යවේල් මහතා පැවසීය. 27 May 2020
‘‘කුවේට් රාජ්‍යයේ සිටින ලාංකිකයන් පිරිසක් කොරෝනා වයිරසයට ගොදුරු වෙලා‘‘ වීසා රහිතව නීති විරෝධීව කුවේට් රාජ්‍යයේ රැඳී සිටින සහ එරට රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මේ වනවිට කොරෝනා වයිරසයට ගොදුරු වී සිටින බව කුවේට් ශ්‍රී ලංකා එකමුතු සංවිධානය පවසයි. 27 May 2020
කටාර්හි සිටි ලාංකිකයෝ 268 ක් කටුනායකට පැමිණෙති කටාර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටියදී , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 268 දෙනෙකු අද (27) අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් දෝහා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 27 May 2020
මත්තලින් දකුණු කොරියාව බලා ගුවන් යානයක් පිටත් වෙයි කොරෝනා වයිරස තත්වය හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබුණු විදේශ රැකියා සඳහා පිටත්ව යාම නැවත ආරම්භ කරමින් ප්‍රථම ගුවන් යානය මගීන් 160 දෙනෙකු රැගෙන මත්තල ගුවන්තොටුපොළේ සිට දකුණු කොරියාවේ සෝල් නුවර බලා අද (27) උදෑසන පිටත්ව ගිය බව මත්තල ගුවන්තොටුපොළ ප්‍රධාන කළමණාකරු උපුල් කළංසුරිය මහතා පැවසීය. 27 May 2020
කොරෝනා අසාදිතයින් ගණන 1319 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1319 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 26 May 2020
‘‘පාස්කු ප්‍රහාරයට දින 10 කට කලින් නන්දන මුණසිංහ මට ඒ ගැන කිව්වා‘‘ කතෝලික දේවස්ථාන සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ඉලක්ක කොට මොහොමඞ් සහරාන් ඇතුළු 06 දෙනකු විසින් ප්‍රහාරයක් එල්ල කරන බවට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා පාස්කු ඉරිදා ප්‍රහාරයට දින 10 කට පෙර තමන්ට තොරතුරු ලබාදුන් බව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ සාක්කි දෙමින් අද (26) බස්නාහිර පළාත් බුද්ධි අධ්යක්ෂ පොලිස් පරීක්ෂක බී.ජේ.කේ. අබේවික්‍රම මහතා හෙළි කළේය. 26 May 2020
ඇඳිරිය ඉවත් කිරිමෙන් පසු කොළඹ එන්න තවත් දුම්රිය දෙකක් කොළඹ නගරයේ ඇදිරිනීතිය ඉවත් කිරීමත් සමග දුම්රියෙන් රැකියා සදහා පැමිණෙන පිරිස ඉහළයාම නිසා මෙම සතියට නියමිත දුම්රියන්ට අමතරව තවත් දුම්රිය දෙකක් හෙට (27) සිට මෙම මස 29 දක්වා ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 26 May 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026