(නිමන්ති රණසිංහ)
එල්. ටී. ටී. ඊ. සංවිධානය නැවත ගෙන ආ යුතු බවට ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් කළැයි කියන සිද්ධියට අදාළ සැකකාර කාන්තා සහ ළමා කටයුතු හිටපු රාජ්‍ය ඇමතිනී පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජයකලා මහේෂ්වරන් මහත්මිය සම්බන්ධ නඩුවට උපදෙස් ලබාදෙන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නිතිපතිවරයාට යළි සිහිකැදවීමක් කළේය.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ දී මෙම නඩුවේ ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන්‍ෙ මෙතෙක් නිතිපගෛ් උපදෙස් ලැබී නොමැති බවට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය කළ දැනුම් දීමක් පිළිගනිමින මහේස්ත‍්‍රාත්වරයා එලෙස නියම කළේය.
සිද්ධියට අදාළ නඩුව ලබන සැප්තැම්බර් මස 10 වැනිදා යළි කැදවීමට නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන ප්‍රකාශ කළ කරුණා හෝ විජය කළාට විරුද්ධව ක්‍රියාකරන්න නීතිපති හෝ ආණ්ඩුව ඉදිරියට එන්නේ නැහැ. සරත් වීරසේකර මේ ගැන මොකද කියන්නේ? කෙහෙල්මල් බුර්කාවක් තහනම් කරන්න ඉස්සරවෙලා මොවුන්ට විරුද්ධව ක්‍රියා නොකරන්නේ මන්ද?
මෙයාව දැන් අත්අඩංගුවට ගත්තොත් ජිනීවා වල ආණ්ඩුවට යන එන මං නැතුව යනවානේ.
ගස් යන තරමට වැඩේ කරන්න