(ඩයනා උදයංගනී)
පාස්කු ඉරිදා දින ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය ඉල්ලා පවත්වන කළු ඉරිදා විරෝධතාවය තුන්වැනි දිනටත් හෙට (21) දිනයේදී ක්‍රියාත්මක බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
එම ප්‍රහාරයට වගකිවයුත්තන් හෙළිදරව් කර යුක්තිය ඉටුවන තුරු අරගලය නවත්වන්නේ නැතැයි ද කාදිනල්තුමෝ කීහ.
කළු ඉරිදාවෙන් ආරම්භ කළේ ගමනක් පමණක් බව කී මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ විවිධාකාර ක්‍රියාකාරකම් සහිතව කළු ඉරිදාව දිගටම පවත්වාගෙන යන බව සඳහන් කළහ.
මෙම ඉරිදා දිනයේදී දේව මාතා මැදිහත්වීම පතා ජපමාල ධ්‍යානයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව ද කාදිනල්තුමෝ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වාර්තාව දුන්නනේ. තව මොනවද මෙතුමා කියවන්නේ? මෙතුමාවත් දාන්න හිරේ.. මේක අපේ ආණ්ඩුව.. අපිට 2/3 බලයක් තියෙනවා ඕනෑ දෙයක් කරන්න.
දෙයියෝ බලනකල්ම ඕක නවත්තන්න එපා...
එය එසේ විය යුතුයි.
ඔවා කළා කියලා මොනවා ලැබෙනවටද?