( තිළිණි ද සිල්වා )
එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක් එක්ව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව ඉදිරිපත් කරන චෝදනා සත්‍ය වසන් කොට දේශපාලන අරමුණක් සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගයක් බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
ලංකාවට විරුද්ධව ඉදිරිපත් කරන අසත්‍ය චෝදනා පරාජය කිරීමට රජය උත්සාහ ගන්නා බවත් , ඒ සඳහා මිත්‍ර රටවල් රැසක් අප සමඟ අත්වැල් බැඳගෙන සිටින අතරම ඉන්දියාවත් අපේ සහයට ඉදිරිපත් වනු ඇතැයි විශ්වාස කරන බවද විදේශ අමාත්‍යවරයා කියා සිටියේය.
ශ්‍රී ලංකාවට එරෙහිව රටවල් කීපයක් ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය පැවැත්වෙන ජිනීවා හි දී ලබන සදුදා ( 22 )වැනි දින ඡන්ද විමසීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ තමයි ඔයගොල්ලන්ගේ වැඩවල ප්‍රතිපල , ගිරිය පුප්පන් කෑගැහුවට ඔය තැන් වල බොරු සෝබනවලට තැනක් නැහැ
ආණ්ඩු කරන්නෙත් මුලු රටටම බොහෝ දේවල් ගැන සත්‍ය වසන් කිරීමනේ? පාස්කු ප්‍රහාරය පසුපස කතාව වෙනත් එකක්.
රටවල් රැසක්..? මොන බොරුද? රටවල් 9 යි. අපිට විරුද්ධව රටවල් 34ක් පමණ... මේ රටේ මානව හිමිකම් කොහෙද තියෙන්නේ..? විවේචන, ඇත්ත පහදාදීම ඉවසන්නේ නැති ගොන් පාලකයින් විදුලි පුටුවේ ඉන්දවිය යුතුමයි. මේ සැරේ මේ රටටම ඇවිත් අල්ලාගෙන යයි කට්ටියවම...
ඔහේට එහෙම හිතුණට අපිට නම් එහෙම හිතෙන්නේ නැහැ.
දේශපාලන අරමුණු ඉෂ්ඨ කරගන්න නොයෙකුත් උප්පරවැට්ටි, ගේම් ගහන්නේ කවුරුන්ද කියන එක ලෝකෙම දන්නවා. දූෂිත, බලලෝභී බඩගෝස්තරවාදි පාලකයින් ශිෂ්ඨ සම්පන්න රටවල නැතුව ඇති...
සත්‍යය වසන් කරන්නේ කවුද කියන එක මේ රටේ තවම ජීවත්වෙන අපි දන්නවානේ...!!! ඔබතුමාගේ පියා නම් ඔය වගේ කතා කිව්වේ නැහැ. එතුමාට පිට කොන්දක් තිබුණා..!!!