IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


ජීවිත 15 අහිමි කළ කළුගල

(ප්‍රසන්න පද්මසිරි)

ලුණුගල- බදුල්ල මාර්ගයේ බස් රථ අනතුරට හේතුව මීට මාස 6කට පෙර එම මාර්ගයට  කඩා වැටුණු කළු ගලක් බව ප්‍රදේශවාසීහු කියති.

එක් මංතිරුවක් වසාගෙන තිබු එම කළු ගල පසුකර ඉදිරියට ආ ලොරි රථයකට ඉඩ දීමට යාමේ දි මෙම අනතර සිදුවන අයුරු ඒ අසල තිබූ ආරක්ෂක කැමරාකව සටහන් වී ඇත.

මෙම අනතුර ගමන්ගත්  මගීන් 15 දෙනකු මියගිය අතර කාන්තවන්  හය දෙනකු ද ඒ අතර සිටින බව පොලිසිය කියයි

තුවාල ලැබූ 34 දෙනෙක් පස්සර රෝහලට සහ බදුල්ල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.

ඉදිරියෙන් පැමිණෙන ලොරි රථයට ඉඩදීමට යාමේදි එකවර බසට  අඩි 350ක් පමණ ප්‍රපාතයට පෙරළි ගොස් ඇතැයි පොලිසිය කියයි.

අනතුර සිදුවන අවස්ථාවේ මගීහු 50කට අධික පිරිසක් ගමන් කරමින් සිට ඇත. අනතුරින් බස් රථය සුන්බුන් ගොඩක් බවට පත්ව ඇති අතර එම සුන්බුන් ගොඩට යටවී සිටි තුවාලකරුවන්  ඉන් ඉවත් කර ගැනීමට බූම් රථයක සහය ගැනීමට පොලිසියට සිදුවිය.

ප්‍රපාතයට පෙරළුණු බසේ සිටි තුවාලකරුවන් ගොඩට ගැනීම සඳහා පැය තුනක ආසන්න කාලයක් ගත විය.

මීට මාස හයකට පෙර පැවැති වර්ෂාවත් සමග  කළු ගලක් පාරට වැටී ඇති අතර එම නිසා මාර්ගය එක් මංතීරුවක් වැසි ගොස් ඇත.

තුවාලකරුවන් ගොඩ ගනිද්දි එකවරම විශාල ගලක් පෙරළීම නිසා එක් අයකුට තුවා ලබා ඇත. මෙම කළු ගල ඉවත් කරන ලෙස අදාල ආයතනවලට දැනුම් දුන්නත් වගකිවයුතු ආයතන සිය වගකීම ඉටු නොකිරීම මෙම අනතුරට මූලික අනතුර බව ද ප්‍රදේශවාසීහු කියති.



අදහස් (10)

ජීවිත 15 අහිමි කළ කළුගල

saman Saturday, 20 March 2021 12:43 PM

RDA එකේ නිලධාරීන් මෙයට වගකිව යුතුයි.

:       3       58

Kamal Saturday, 20 March 2021 12:50 PM

මාස 6ක් ගිහිල්ලත් කලු ගලක් අයින් කරන්න බැරි අසාර්ථක රාජ්‍යයක්.

:       10       82

Suranjith Saturday, 20 March 2021 01:09 PM

රජයේ ආයතනවලින් වැඩක් නැහැ. මාස 06කට පෙර පාරට වැටුණු කළුගල ඉවත් නොකරපු රජයේ ආයතනයේ ලොක්කන්ව චූදිතයන් කොට නීතිය ක්‍රියාත්මක කළ යුතුමයි.

:       6       74

lankawe api Saturday, 20 March 2021 01:34 PM

69 ලක්ෂයක් ලබාදුන්න ඡන්ද දායකයන්ගේ ආඩම්බර බලාපොරොත්තු ඉටුවීමක්...

:       31       70

RaveendraSaturday, 20 March 2021 03:23 PM

අපට කවුරු බලයේ සිටියත් කිසිදු අදාලත්වයක් කොහෙත්ම නැත. මොකද මේ කාගෙන්වත් අප යැපෙන්නන් නොවන බැවිනි. එනමුත් ඔබගේ අදහස් පිළිබඳව අප හදතුළ ඇතිවූයේ මහත් වූ අප්‍රසන්න මෙන් පිළිකුල් වචන ගොන්නකි. ඔබ පැළඳ සිටින කණ්ණාඩියේ පාටට අදාළ ගොන්තඩියන් බලයේ සිටියා (දැන් බලයේ සිටින්නේද ඔබ වන්දනාමාන කරන ගොන් තඩියන් හා සමාන සත්ව කොට්ඨාශයක් බවත් සඳහන් කරන්නෙමු...) නම් මේ මොහොතේ මෙවන් සිදුවීමක් කොහෙත්ම නොවන බවට ඔබ වක්‍රව අඟවා තිබෙනවා නොවේද? ඔබ මොනතරම් ඥානවන්තයෙක්ද යන්න එමගින් මනාලෙස තේරෙන කරුණකි. කියමනක්ව තිබෙනවා... වදාපු අම්මටයි... අහසටයි නිවනක් නැහැ කියලා. එම කියමන ඔබට මෙන් අප සියල්ලන්ටම අදාලයි. ඔබගේ ඥාණාන්විත මොලයෙන් එම කියමන තේරුම් ගැනුමට හැකි වේවා..!!! අවසාන වශයෙන් අප සියල්ලන්ම ඔබගේ ඒ ආදරණීය අම්මාව ඉතාමත් හැඟුම්බරව කාරුණික වචන සමුදායක් සමගින් ආදරයෙන් මතක් කරන්නෙමු.

:       0       0

Kamal Sameera Saturday, 20 March 2021 02:31 PM

මොනතරම් මෝඩයිද? කලුගල වැටුණු බව ඇත්ත. හැබැයි ඔය පාරේ යන බස් රියදුරාගේ නොසැලකිල්ල තමයි ඕකට හේතුව. වීඩියෝ එක හොඳට බලන්න. ගල තියෙද්දී ඔය පාරේ ඔය බසයම කී පාරක් ගිහින් ඇද්ද?

:       0       0

මගියා Saturday, 20 March 2021 03:49 PM

ගල ඉවත් කිරීමට පියවර නොගැනීමට වඩා අනතුරු ඇඟවීම සඳහා පුවරු සවි නොකළ විධායක ඉංජිනේරුට නඩු පැවැරීමට කටයුතු කළ යුතුයි.

:       0       0

Neela Saturday, 20 March 2021 04:04 PM

රටේ ප්‍රශ්න එමට තියෙද්දී අර නූගත් 2019ක් ඇමරිකන් නායකයා ගම සමග පිළිසඳරක් කරමින් යනවා. හැම කෙනාම දේශපාලනය පමණක් කරනවා. ජනතාව ගැන බලන්න කිසි පාලකයෙක් නෑ. සජිත්, අනුර වුනත් ඊටම ගැලපෙනවා.

:       0       0

sampath Saturday, 20 March 2021 05:39 PM

මේ රටේ පින්පඩි කාරයෝ නිසා තමයි මේ තරම්ම විනාශවෙලා තියෙන්නේ. අදාළ නිලධාරීන් ගෙදර යැව්වා නම් ඉවරයි. ඔය ආයතන තියෙන්නේ කැලෙන්ඩරේ දිනේටයි, ඔරලෝසුවේ කටු කැරකෙනවටයි පඩිගන්න විතරයිද? ආණ්ඩුවට බැන්නට ආණ්ඩුවක් කොහොමද ගස්, ගල් ඉවත් කරන එකේ ඉඳලා බලන්නේ.

:       0       0

fairoos Sunday, 21 March 2021 08:11 AM

අර කොලඹ නගරයේ පොස්ටර් ගලවපු පොලීසියේ නිලධාරියාවත් දැකලා නැද්ද?එදා මොනවදෝ කියවගෙන ගියේ

:       1       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 300 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 649 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site