(නිමන්ති රණසිංහ)
අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දෙපාර්ශවයක ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් 19 හැවිරිදි තරුණයෙකුට පිහියෙන් ඇණ ඝාතනය කළැයි ග්‍රෑන්ඩ්පාස් පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 02 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජනී ද සිල්වා මහත්මිය නියෝග කළාය.
පිහි ඇණුම කළ සැකකරු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර මහේස්ත්‍රාත්වරිය එම රෝහලට ගොස් සැකකරු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ග්‍රෑන්ඩ්පාස් සේදවත්ත ප්‍රදේශයේ පදිංචි පෙතියවත්ත කංකානම්ලාගේ අමිල් සංජීව නැමැති හතලිස් දෙහැවිරිදි දෙදරු පියෙකි.
මෙම සිද්ධියෙන් මියගොස් ඇතතේ ග්‍රෑන්ඩ්පාස් සේදවත්ත ප්‍රදේශයේ පදිංචි නන්ද කුමාර දිලිත් චතුරංග නමැති 19 හැවිරිදි තරුණයකු බව ද ග්‍රෑන්ඩ්පාස් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වයසේම තවත් ළමයි පිරිසක් පරිසරය වෙනුවෙන් චිත්‍රයක්වත් නිර්මාණය කර සමාජ සේවයක් කරන්න උත්සාහ කරන අතර, එම වයසේම තවත් ළමයෙක් මත්ද්‍රව්‍ය වෙනුවෙන් මියයනවා. පේනවා නේද මේ රටේ තියන සමාජ පන්තිවල විෂමතාවය...?