(නිමන්ති රණසිංහ)
මාධ්‍ය වේදියකු පැහැර ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීම සඳහා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න යන මහත්වරුන් ලබන සදුදා 22 කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණීමට නියමිතව ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ඉකුත් දින දෙක තුළ මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පැමිණෙන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාශය කොට්ඨාෂය ඔවුන් ට ද දැනුම් දී තිබුනි.
එහෙත් කලින් යොදා ගත් දේශපාලන කයුතු කිහිපයක් හේතුවෙන් තමන්ට කැඳවූ දින දෙකේ දී පැමිණිය නොහැකි බවට ඔවුන් නීතීඥයකු මගින් ලිඛිතව පොලිසියට පොලීසියට දැනුම් පොලීසියට දැනුම් දී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි.
ඒ අනුව තමන් ලබන සදුදා පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබාදීමට කටයුතු කරන බව ඔවුන් එම ලිපිය මගින් කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයාට දැනුම් දී තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් කිඹුල් නාට්‍යයක් ද දන්නැ...?
චතුර එනවා කියන්නේ සී.සී.ඩී මහත්තුරු එදාට තමා සී.සී.ඩී එක හදන්න මූලික වුණේ කවුද කියලා දැනගත්තේ.
රහස් පරීක්ෂක කතා නිර්මාණයට නම් අති දක්ෂයෝ. එකම කෙනෙක් අරබයා තමයි මේ සියලුම දේවල් කරන්නේ.... ඇත්තටම ඔවුන් ලබන්නා වූ සතුට කුමක්ද?
ගජබින්නාලංකාරය කටපාඩම් කරන්න ඕන නිසා වෙන්න ඇති කල් ගත්තේ... අර මාධ්‍යවේදියා කොලර් එක බෙල්ලේ දාගෙන කතා කරපු හැටියට හිතාගන්න පුළුවන් නාට්‍යය ගැන...
කටහින්ද නහින්න හදන තවත් ගොයියෝ දෙදෙනෙක්
මේක මාරුවෙන් මාරුවට වෙන දෙයක්.. බයියන්ට ඉතින් සතුටුයි. මෙයාලගේ ආණ්ඩුව ආවොත් නිදොස්කොට නිදහස්...