
(ශාන්ත රත්නායක)
මේ දිනවල සිදුවන වන විනාශයට එරෙහිව ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂාක සංගමය සංවිධානය කර ලද නිහඩ විරෝධතාවයක් අද කොලඹ නෙලුම් පොකුණ ඉදිරිපිට පැවැත්විය.
එහිදී සත්ව හිංසනය පිටු දැකීම හා රටේ පවතින වන විනාශයන් වහා නවත්වන ලෙස බල කරමින් නිහඩ උද්ඝෝෂණයක සංවිධානය කර තිබුණි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔලමොට්ටල පාලකයින් වන විනාශයක් වෙන්න ඉඩදීලා බලන් ඉන්න එක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ.. හැබැයි මෙතෙන්ට උද්ඝෝෂණය කරන්න ඇවිල්ලා ඉන්න නෝනලා ගැන නම් කියන්න ගොඩක් දේවල් තියෙනවා. අලින්ගේ, බල්ලන්ගේ නැට්ටේ එල්ලිලා ඩොලර් හොයන නෝනා ඒ පාර කැලෑ ටික කපන එක විකුනන් කන්න ඇවිල්ලා. මේ ළමාතැනීලාට අර තබ්බෝව පැත්තේ වෙන ඒවා ඇහෙන්නේ, පේන්නේ නැතුව ඇති.. ඒවා සුද්දන්ට මාකට් කරගන්න බැරි හින්දා වෙන්න ඇති. කොහොම වුණත් රට රකින්න ආව පුටින්ගෙන් 69 ලක්ෂයක දේශප්‍රේමීන්ට රටේ පරිසරේ රැක ගන්න පාරට බැහැලා උද්ඝෝෂණ කරන්නත් වුණා අන්තිමට...
මේ අය නිකම් නගරබදට වෙලා බොරු සෝබන වැඩ කරන්නේ නැතිව, කරුණාකර ඈත ගම්වලට ගොස් දිනපතා දුප්පත් ගොවීන්ට සිදුවන වල් අලි පහරදීම් නවත්වන්නට බැරිද...?
ඕවා තමා කොළඹ හතේ පොෂ් නෝනලා විනෝදෙට කරන උද්ඝෝෂණ.. ඕක පිටිපස්සේ ඉන්න කට්ටිය කව්රුද කියලා අපිට පේනවා. ඇත්තම කතාව මෙයාලා යන්න ඕනෑ පරිසරය විනාශ වෙන තැනට. එතන ගිහින් ඒ මිනිස්සුන්ට විරුද්ධව කරන දෙයක් කරන්න. අනික හැමෝම ගස් කපලා පරිසරේ විනාශ කරන කල් මෙයාලා ඔහේ ඉන්නවා. ඒවා කරන අනතුරේදී හොයන්න ඕනකමක් නෑ. ඔක්කොම බොරුවට කෑ ගහනවා.. ඔයාලාගෙයි දේශපාලුවන් අතරයි වෙනසක් නෑ..
තරුණ පිරිස් පරිසරය රැකුම වෙනුවෙන් ඉදිරිපත්වීම අප හදවතින්ම අගය කරන්නෙමු. හැබැයි දරුවනේ ඔය සටනට කිසිඳු නම් සම්බන්ධ කිරීමකින් වළකින ලෙස අප ඔබලාට දෙන අවවාදයකි. මක්නිසාදයත් දේශපාලුවන් යනු පොදුවේ ගත් කළ තමන් උපන් දේශය පාළු කරන, පරිසරය කෙසේ හෝ විනාශ කිරීමට උර දෙන නිවටයින් ජාතියකි. එවන් නිවටයින්ට අපි කොළ , අපි නිල්, අපි රතු කියා කිසිදු වෙනසක් නොමැත. කන්න ඕනෑ වූ විට හැලිකිඹුලාද දියකුකුල් මස් ලෙස "ගිල දමන මහා කාලකන්නි මූසලයන් ජාතියකි."
69 ලක්ෂයක් සමග 2/3 වාසේ..
ගමට ගිහින් නාහෙන් අඬ අඬා කියනවා "කවුරු වුණත් ප්‍රශ්නයක් නැහැ. පරිසරය විනාශ කරනවා දැක්කොත් විරුද්ධ වෙයල්ලා" කියලා. විරුද්ධ වුණාම ගෙදරට පොලිසිය යවනවා. මාර වැඩක් ලංකාවට වුනේ...
මේ බැනරයේ තියෙන්නේ "ජෛව සංහාරය නවතනු" කියලයි. ඉතින් ඒ පාඨයට විරුද්ධ අයගේ පාඨය "ජෛව්‍ය සංහාරය සිදුකරනු" යන්න විය යුතුයි. ඔය කියන සිතුවම යකඩ පුවරු වල සවිකර ප්‍රදර්ශනය කිරීමට අදාල මුදල්ගෙවා කොළඹ නගර සභාවෙන් අවශ්‍ය අවසර පත්‍රයක්ද ලබාගෙන තිබුණු බව කියන නමුත් එම පුවරුව ගැලවූ අවස්ථාවේදී එතැනට පැමිණි පොලිස් පරිසර කොට්ඨාශයේ අධ්‍යක්ෂ SSP රොෂාන් රාජපක්ෂ මහතා එය එසේ නොවන බව කියයි. ඊටත් වඩා ඔහු " පරිසරය ගැන මෙහෙම කතිකාවක් හරි ඇවිල්ලා තියෙන්නේ මේ අපේ රජය ආවාට පස්සෙනේ" යනුවෙන් ප්‍රකාශ කරනු ප්‍රවෘත්ති වාර්තාවල අපි දුටුවෙමු. පොලිස් නිලධාරියෙකු යනු රාජ්‍ය සේවකයකු මිස කිසියම් "ආණ්ඩුවක" සේවකයකු නොවේ. දේශපාලන පක්ෂපාතීත්වයෙන් යුතුව මේ රජය අපේ, මේ රජය අපේ නොවේ යැයි කියා කටයුතු කරන්නට ඔවුන්ට අයිතියක් නැත. මෙවැනි ඉහළම මට්ටමේ පොලිස් නිලධාරීන් මේ ආකාරයෙන් ප්‍රසිද්ධියේම "මේක අපේ රජය" යනුවෙන් හඳුන්වමින් ආණ්ඩුවට පක්ෂපාතීත්වය පෙන්වීම තුළින් පැහැදිලි වන්නේ යුක්තිය පසිඳළීමේ ක්‍රියාවලිය අපක්ෂපාතීව සිදුවන්නට ඇති ඉඩකඩ සීමිත බව නොවේද?
හොඳ වැඩක්... පරෙස්සමෙන්...!!! සුදු වෑන් එන්න බැරි නැහැ.
පරිසරය රකින්න ඉදිරියට එන්න. හැබැයි මෙයින් දේශපාලන වාසිගන්න බලාගෙන ඉන්න එවුන්ගේ අතකොලු වෙන්න එපා.