කංජිපානිගේ පියාගේ නඩුවේ විමර්ශන කඩිනමින් අවසන් කරන්නැයි පොලිසියට නියෝග
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින, කංජිපානි ඉම්රාන්ගේ පියා සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත්, විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙසත් පොලිසියට නියෝග කර, වැඩිදුර විභාගය සැප්තැම්බර් 2 දින දක්වා කල් තැබීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(24) නියෝග කළේය.