
(ශාන්ත චන්ද්‍රසිරි සහ ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
නුවරඑළිය- බදුල්ල මාර්ගයේ හග්ගල උද්භිද උද්‍යානය අසල මහවංගුව ප්‍රදේශයේදී මෝටර් රථයකට පදිකයන් දෙදෙනකු ගැටීමෙන් පසුව එම ස්ථානයට රැස් වු ප්‍රදේශවාසීහු පිරිසක් මාර්ගය හරස් කරමින් විරෝධතාවයක නිරතවුහ.
තුවාල ලැබු පුද්ගලයන් දෙදෙනා ප්‍රතිකාර සදහා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග අනාවරණය කරයි.
මෙම ස්ථානයේ මීට සති කීපයකට පෙර ත්‍රීරෝද රථයක් හා ලොරියක් ගැටී තිදෙනකු මිය ගිය බවත් ඊට ප්‍රථමද මාරාන්තික අනතුරු රැසක් සිදුව ඇති බවත් උද්ඝෝෂකයෝ චෝදනා කළහ.
අනතුරු බහුල ස්ථානයට අනතුරු වළක්වාලීමේ මාර්ග සංඥා පුවරු හා මාර්ගය හරහා බාධක යොදන ලෙස විරෝධතාවයේ නිරත පිරිස් වගකියයුතු අංශවලින් ඉල්ලා සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කරන්න වේලාව නැතත් උද්ඝෝෂණ කරන්න ලංකාවේ අයට වේලාව ඕන තරම් තිබේ.
මෙතන පදිකයින්ට යන්න හරි හමන් ඉඩක් තියන බවක් පෙන්නේ නම් නැහැ. ඉතින් අනතුරු නොවී තියේවිද? අපේ රටේ ගොඩක් පාරවල් හදන්නේ පදිකයින්ව අමතක කරලා. හරිනම් මේවා සැලසුම් කරන අයටයි, හදන අයටයි, හදවන අයටයි තමා දඬුවම් කරන්න ඕනේ. වෙන රටවල නම් පදිකයින්ට සෑහෙන ඉඩ තියලා තමයි වාහන වලට යන්න දීල තියෙන්නේ. අපේ ඔක්කොම යන්නේ අනිත් පැත්තට නේ. පදික වේදිකාවක් හොඳට හදලා තිබ්බොත් සමහර මෝටර් සයිකල් පදින හරක් එක උඩම තමා යන්නේ. පයින් යන සමහර අය පාර එයාලගේ පරම්පරාවෙන් ලැබුණු දෙයක් විදියට තමා පාරේ යන්නේ. මේ හැම දෙයක්ම අන්තිමට කැරකිලා එන්නේ මිනිස්සුන්ගේ විනයක්, සදාචාරයක් නැති වීම. මේ වෙන ගොඩක් අනතුරු අඩු කරගන්න පුළුවන් තමුන් විනයක් ඇතිව අනිත් අය ගැනත් කල්පනා කරලා ජීවත් වෙනවනම්.