( මනෝප්‍රිය ගුණසේකර)
හෙරොයින් කිලෝ ග්‍රෑම් 340ක් සමග ශ්‍රී ලාංකික ධිවරයන් පස් දෙනකු ශ්‍රී ලංකාවට අයත් බහුදින ධීවර යාත්‍රාවක් සමග ඉන්දියාවේ ගැඹුරු මුහුදේ දී අත් අඩංගුවට ගත් බව ඉන්දියාවේ මත්ද්‍රව්‍ය නාශක අංශ නිලධාරීන් සිය බාරයට ගෙන ඇතැයි වාර්තාවේ.
ඉන්දීය නාවික හමුදාව සමඟ එක්ව ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන් සිදුකළ මෙහෙයුමකදී මසුන් ඇසිරීම සඳහා යොදා ගන්නා අයිස් අතර සඟවා හෙරෝයින් කිලෝග්‍රෑම් 340ක් සමග බහුදින ධිවර යාත්‍රාව ඉන්දීය පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
‘දුව ශශිලා’ නම් ධිවර යාත්‍රාව එරට නාවික හමුදාවට අයත් නෞකාවක් විසින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව යාත්‍රාව සැකපිට ඉන්දීය පොලිස් බාරයට ගෙන ‘කෝචි’ වරායට රැගෙන ගොස් විමර්ශන කිරීමේදී මෙම මත් ද්‍රව්‍ය සොයාගෙන ඇත. ධිවර කාර්මිකයින් 05 දෙනකු ද ඉන්දීය අත්අඩංගුවට ගෙන ඇත.
වෙනත් යාත්‍රාවකින් මෙම හෙරොයින් අඩංගු පාර්සල් ශ්‍රී ලංකික ධීවරයන්ට හුවමාරූ කොට ඇති බවට මුලික විමර්ශන වලදී සැක මතුවී ඇතැයිද ඉන්දීය ආරක්ෂක අංශ කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd