යාපනය-කිලිනොච්චිය සන්නද්ධ කල්ලි සාමාජිකයන් 4දෙනෙකු එස්ටීඑෆ් දැලේ උතුරු පළාතේ ජනයා බියගන්වමින් අපරාධවල නිරත සන්නද්ධ කල්ලි සාමාජිකයන් සිව්දෙනෙකු කඩු, ගංජා සමග කිලිනොච්චිය හා යාපනය යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. 25 June 2020
මරාගෙන මැරුණ ඊබ්රාහිම්ගේ හඬ පටයක් එළියට ‘අපි හැමෝටම මැලේසියාවට යන්න මම ටිකට්පත් මිලදී ගත්තා. ඒත් මම එන්නේ නෑ. ඔබ හිතනවා නම් මැලේසියාව හොඳ තැනක් කියලා මාමාත් එක්ක එහේ යන්න. ශ්‍රී ලංකාව ආරක්ෂිතයි නම් මෙහේ ඉන්න’ යැයි සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරුණු මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාෆ් අහමඩ් පාස්කු ප්‍රහාරයට දින හතරකට කලින් සිය බිරිඳ අමතා පටිගත කළ ‘හඬපටයක’ සඳහන්ව ඇත. 25 June 2020
ඇවන්ට්ගාඩ් සභාපතිගේ නඩුවේ වැඩිදුර විභාගය කල්යයි පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටුකර දීමට රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් ලබා දීම හා ලබා ගැනීම සම්බන්ධව ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති හා රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව පැවැත්වෙන අධි චෝදනා නඩුවේ වැඩිදුර විභාගය ලබන සැප්තැම්බර් 03 සහ 04 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (25) නියම කළේය. 25 June 2020
තහනම නොතකා ගෙන්වූ සියලුම එතනොල් රාජසන්තක කරන්න යයි එතනෝල් ගෙන්වීම සඳහා පනවා තිබූ තහනම නොතකා පසුගිය කාලයේ මෙරටට ගෙන්වා ඇති සියලුම එතනෝල් රාජසන්තක කරන බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 25 June 2020
සීෂෙල්ස්හි සිටි ලාංකිකයන් 254දෙනෙකු කටුනායකට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සීෂෙල්ස් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 254 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(25) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. 25 June 2020
උපකාරක පන්තිවලට 100කට වැඩියෙන් එන්න අවසර දියහැකි දැයි සළකා බැලේ උපකාරක පන්ති සඳහා සිසුන් 100කට වැඩියෙන් සහභාගී කරවා ගැනීමට අවසර දිය හැකිදැයි සළකා බලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී උපදෙස් ලබා දී තිබේ. 25 June 2020
සාදයක් අතර ඇති වූ ගැටුමකින් සිව් දෙනෙකු රෝහලේ බ්ලුමැණ්ඩල් , කිඹුලා ඇල ප්‍රදේශයේ තරුණයන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් තරුණයින් සිව්දෙනකු කැපුම් තුවාල ලැබා ඇති බව පොලිසිය කියයි. 25 June 2020
ගලගොඩඅත්තේ හිමි පාර්ශ්වයේ පෙත්සම ඉල්ලා අස්කරගනී ඉදිරි මහ මැතිවරණය සඳහා කලුතර , කොළඹ , කුරුණෑගල සහ මොනරාගල දිස්ත්‍රික්ක වෙනුවෙන් තම නායකත්වයෙන් යුතු අපේ ජනබල පක්ෂය බාරදුන් නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු එම පක්ෂයේ පිරිසක් ගොනු කළ රිට් පෙත්සම් එම පෙත්සම්කාර පාර්ශවය විසින් අද (25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලා අස් කර ගන්නා ලදී. 25 June 2020
කරුණා සිඅයිඩියට එල්ටීටීඊ සංවිධානයේ සන්නද්ධ නායකයා වශයෙන් කටයුතු කළ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (25) උදෑසන 10.45 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පැමිණියේය. 25 June 2020
ලොවපුරා කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 9.4 ඉක්මවයි ලොවපුරා නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (25) පෙරවරු වනවිට මිලියන 9.4 ඉක්මවා ගොස් ඇත 25 June 2020
ජරාජීර්ණ මනාප පොරය කොතෙක් කල් පවතීද? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් පිරිසකට සහාය දැක්වීම සඳහා කොටපොළ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ ඉකුත් 21 වැනිදා උදෑසන පැවැත්වීමට සූදානම් කර තිබූ රැස්වීමක් අතරතුර ඇති වූ ගුටිබැට හුවමාරුවකදී කොටපොළ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු තිදෙනකු පහර කෑමට ලක්ව රෝහල් ගත කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. 25 June 2020
ඇමරිකාවේ ආසාදිතයන් ගණන 34,700කින් ඉහළ යයි ඉකුත් අප්‍රේල් මාසයෙන් පසුව දිනක් ඇතුළත ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ඊයේ (24) වාර්තා විය. 25 June 2020
දකුණේ පාසල් විෂබීජහරණයට මිලියන 100ක් කොරෝනා වසංගතයෙන් පසු දකුණු පළාතේ පාසල් නැවත ආරම්භ කිරීමේ දි ඉහළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිතා කළ යුතු බවත් විෂබීඡහරණ කටයුතු සඳහා රුපියල් මිලියන 100ක් ලබා දීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවත් දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා පවසයි. 25 June 2020
ලතින් ඇමෙරිකානු කලාපයේ කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන ලක්ෂය පනී නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ලතින් ඇමෙරිකානු කලාපයෙන් වාර්තා වන මරණ ගණන ලක්ෂය ඉක්මවා ගොස් ඇත. 24 June 2020
ඉන්දියාවෙන් කොරෝනා වයිරස ආසාදිතයන් 15,968 ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (24) පස්වරුවෙන් අවසන් වූ පැය 24 දී වාර්තා වූ අතර එම ගණන 15,968ක් ලෙස දැක්විණි. 24 June 2020
‘කොවිඩ්-19’ වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර 13,861කට මහ බැංකුවෙන් බිලියන 28 ක් නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතයෙන් පීඩාවට පත්වූ ව්‍යාපාර සඳහා සියයට 4 පොලී අනුපාතිකයක් යටතේ ව්‍යාපාර 13,861ක් සඳහා රුපියල් බිලියන 28ක මුදලක් අනුමත කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 24 June 2020
වරාය නගරයේ පාසලක් - රෝහලක් - සම්මන්ත්රණ ශාලාවක් ඉදිකෙරේ කොළඹ වරාය නගරයේ ජාත්‍යන්තර පාසලක්, රෝහලක් සහ සම්මන්ත්රණ ශාලාවක් ද ඉදි කිරීමට නියමිතය. 24 June 2020
රැකියාලාභීන්ට රජයෙන් කුලී පදනම මත නිවසක් රැකියා සඳහා කොළඔ නගරයේ රැඳී සිටින ජනතාව සඳහා කුලී පදනම යටතේ නිවසක් ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය කටයුතු කරන බව නාගරික සංවර්ධන ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම මහතා කොළඹ දී අද (24) පැවසීය. 24 June 2020
විද්‍යුත් හැඳුනුම්පත් මුද්‍රණය මුද්‍රණ දෙපාර්තමේන්තුවට පවරයි විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ලක්ෂ 50 ක් මුද්‍රණය කිරීම පෞද්ගලික සමාගම් දෙකකට පිරිනැමීම සඳහා ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය කර ඇති නිර්දේශ දෙකම ප්‍රතික්ෂේප කර එය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට පැවරීමට රජය තීරණය කර ඇතැයි වාර්තාවේ. 24 June 2020
කොළඹ හතේ ඉඩම් ගන්න ගිය ව්‍යාපාරික යුවළ රිමාන්ඩ් සැක සහිත අන්දමින් රුපියල් බිලියන 2.6 ක මුදලක් යොදවා කොළඹ 07 හෝර්ටන් පෙදෙසේ පිහිටි ආසිරි රෝහලට අයත් ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරික යුවළක් ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය. 24 June 2020
පාඨලී ඇතුළු තිදෙනෙක්ට අධි චෝදනා වැලිකඩ ප්‍රදේශයේ රිය අනතුරට සහ ඊට පසු සිදුවූ සිද්ධීන්වලට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුලු සැකකරුවෙන් තිදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ වෙන් වෙන්ව අධිචෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා එන්. සිල්වා මහත්මිය ඉදිරියේ කරුණු අනාවරණය කළේය. 24 June 2020
මීගමුව බන්ධනාගාරයේ ජේලර්වරු 19 කට ස්ථාන මාරු පසුගිය දිනවල ආන්දෝලනාත්මක සිද්ධීන් කිහිපයක් සිදුවූ මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරුන් තිදෙනකු ඇතුලු ජේලර්වරුන් 19 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර ඇතැයි බන්ධනගාර කොමසාරිස් ජනරාල් එච්. එච්. තුෂාර උපුල්දෙණීය මහතා පැවසීය. 24 June 2020
මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2000 ඉක්මවයි කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 2001 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 24 June 2020
සී.අයි.ඩීය ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් ඉවත දමයි පාස්කු ඉරිදා ප්‍රහාරයේ බෝම්බකරුවකු සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින නිතීඥ හිජාස් හිස්බුල්ලා මහතා සම්බන්ධයෙන් “හදුනාගැනීමේ පෙරට්ටුවක්” පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා එම පෙරට්ටුව අවලංගු කිරීමට නියෝග කළේය. 24 June 2020
කරුණා අම්මාන්ගේ ප්‍රකාශය ගැන සී.අයි.ඩීය පරීක්ෂණ අරඹයි එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ප්‍රබල සාමාජිකයකු වූ විනයාගමූර්ති මුරලිදරන් නොහොත් “කරුණා අම්මාන්” විසින් අලිමංකඩ දී යුද හමුදා සෙබලුන් 2000ත් 3000ත් අතර ප්‍රමාණයක් ඝාතනය කල බවට කියන ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය. 24 June 2020
එම්.සී.සී සමාලෝචන කමිටු වාර්තාව අගමැතිට භාරදෙයි සහශ්රක අභියෝගතා සමායතන යෝජනාවලිය (එම්.සී.සී ගිවිසුම) සමාලෝචනය කිරීමේ කමිටුවේ අවසන් වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාරදීම අරලියගහ මන්දිරයේදී අද (24) පස්වරුවේ සිදුකෙරිණි. 24 June 2020
‘සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය කිසිසේත්ම නතර කරන්නේ නැහැ‘ කොළඹ නගරය හරහා ඉදිවන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය කිසිසේත්ම නතර නොකරන බවත් එහි ඇතැම් කරුණු සහ ඉදිකිරීම් පිළිබඳ සමාලෝචනයක් පමණක් සිදු කරන බවත් නාගරික සංවර්ධන ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම මහතා කොළඹ දී අද(24)පැවසීය. 24 June 2020
බස්නාහිර පළාත් සභා හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ඇප මත මුදා හරී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිට බස්නාහිර පළාත් සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු හා එම පක්ෂයේ හිටපු ආසන සංවිධායකවරයෙකු වූ රොයිස් ප්‍රනාන්දු නැමැත්තා රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද (24) නියම කළේය. 24 June 2020
‘‘මෙම වසර අවසන් වන තුරු ඉන්ධන මිල වෙනස් කරන්නේ නෑ‘‘ ලෝක වෙළඳපලේ ඉන්ධන මිල ඉදිරියේදී ඉහළ යා හැකි නමුත් මෙරට තෙල් මිල මෙම වසර අවසන් වන වැඩි කරන්නේ නැතියි මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 24 June 2020
සිංගප්පූරුවේ රැදී සිටි ලාංකිකයින් 94 ක් කටුනායකට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 94 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය අද (24) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 24 June 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026