(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වැදගත් ලිපි ගොනු කීපයක් අතුරුදහන්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

ඉතා වටිනා තොරතුරු සහිත එම ලිපිගොනු අතුරදහන්වීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කරන බව ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සේනාල් ප්‍රනාන්දු මහතා පවසයි.

විදේශ වෛද්‍ය විද්‍යාල සම්බන්ධ තොරතුරු  ඇතුළත් ලිපිගොනු එලෙස අතුරුදහන්ව තිබෙන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා සඳහන් කරයි.

විදේශ වෛද්‍ය විද්‍යාලවල ප්‍රමිතිය සම්බන්ධ තොරතුරු,ඒවායේ අධ්‍යයනය ලබන ශ්‍රී ලාංකික සිසුන්ගේ තොරතුරු ආදිය එම ලිපිගොණුවල තිබූ බව ද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.