(ඩයනා උදයංගනී)
හුස්ම භාවිතා කර විනාඩි තුනක් වැනි කෙටි කාලයකින් කොවිඩ් ආසාදිතයකු හඳුනාගත හැකි ක්‍රමවේදයක් ඇමෙරිකානු සමාගමක් විසින් සොයාගෙන ඇත.
මෙම සොයාගැනීම සිදුකළ පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත්තේ ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක් වන දුවිනි දිනූෂා රාජපක්‍ෂ මහත්මිය වීම විශේෂත්වයකි.
මෙය කොවිඩ් රෝගීන් හඳුනාගැනීම වෙනුවෙන් සිදුකර ඇති විශිෂ්ට සොයාගැනීමක් ලෙස හඳුන්වා දිය හැකි අතර එය මෙම වසර තුළ භාවිතයට ගැනීමට හැකිවනු ඇතැයි දිනූෂා රාජපක්‍ෂ මහත්මිය පැවසුවාය.
මෙහිදී පුද්ගලයකුට බැලූනයක් පුම්බන්නට ලබා දී එහි එක්වන ප්‍රශ්වාස වාතය භාවිතයෙන් කොවිඩ් රෝගියෙකුද නැද්ද යන්න හඳුනාගත හැකි බව ඇය සඳහන් කළාය.
මෙම ක්‍රමවේදය පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය මෙසේ ද කීවාය.
“අපට පී.සී.ආර් පරීක්‍ෂණයක ප්‍රතිඵල ලබාගැනීමට දින දෙකක්වත් බලඉන්න සිදුවෙනවා. නමුත් මෙම ක්‍රමවේදයේදී විනාඩි තුනකින් ප්‍රතිඵලය ලබාගත හැකියි. අපේ බලාපොරොත්තුව මෙම ක්‍රමවේදය මෙම වසර තුළ හඳුන්වාදීමයි. මෙම පරීක්‍ෂණය ඉතා සාර්ථකවීම ගැන සතුටු වෙනවා.”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා! සුපිරි සොයාගැනීමක්.❤
සුබ පැතුම් මහත්මියනි. මේ ඇවිල්ලා හොඳ රාජපක්ෂලාගෙන් පැවත එන කෙනෙක් වෙන්න ඇති. මැදමුලන හොරුන්ගේ කෙනෙක් වෙන්න බැහැ. මොකද ඒ පවුලේ ඉන්නේ ඔක්කොම මෝඩයෝ.හැබැයි හොර පෙරකදෝරු,හොර ලුතිනන්ලා, හොර අචාර්යවරු ..ඕන තරම්.
ඔබතුමියගේ වාසනාවට මේක ඇමරිකාවේදී සොයාගත්තා. ලංකාවේදී කළානම් මේකට වෙන්නේ ධම්මික පැණියට වෙච්ච දේමයි. අපේ බලධාරීන් කවදාවත් ශ්‍රී ලාංකිකයකුගේ නව නිර්මාණයකට ඉඩක් දෙන්නේ නෑ. ඕක හදල ලංකාවට එවනකොට ඔබේ නම සඳහන් කරලා එවන්න එපා. සුද්දෙක්ගේ නම දාලා එවන්න. අපේ නිලධාරින් එතකොට දනින් වැටිලා බාරගනියි. ඔබට ජය.
ඔය මොන ක්‍රමවේදය ආවත් ලංකාවේ ඕවා ක්‍රියාත්මක කරන්නේ නැහැ අපේ ආණ්ඩුව නීති හදන්නේ එයාලාගේ වාසි අයට පොහොසත් වෙන්න මිසක් අසරණ විදේශ ශ්‍රමිකයන්ගේ ජිවිත බේරගන්න නෙමෙයි.
ජය වේවා මේ මහත්මයා ලංකාවේ හිටියානම් ඔය අවස්ථෘව ලැබෙනවා කියලා හිතාගන්න අමාරුයි.
ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු ලෙස අපි ඔබට ආඩම්බර වෙමු
සුබ පැතුම්