(රෝහණ සමරවීර)

වැලිගෙපොල ගල්හිදකපල්ල ගම්මානයට කඩා වැදුණු කොටියකු ගව පට්ටියක සිටි ගවයන් දෙදෙනකු මරා කා දැමීමත් සමග එම ගම්වාසීහු භීතියට පත්වී සිටිති.

ගවයන් බලා ගන්නකු විසින් එම ගම්මානයේ පොල් වත්තක බැඳ සිටි ගවයන් මෙසේ  කොටියන්ගේ ගොදුරක් වී  ඇති බව එම ප‍්‍රදේශ වාසීහු පවසති.

ගස් බැද සිටි එළ දෙනුන්ගෙන් කිරි දෝ ගැනීම සදහා එම පුද්ගලයා පසුදා එම ස්ථානයට පැමින ඇත.

එක් එළ ගවයෙක් එම ස්ථානයේදීම දිවියකුගේ ගොදුරක් බවට පත්වී සිට ඇති අතර අනෙකා ගස්බැදි ස්ථානයේ සිට මීටර් තුන් සියයක පමණ දුරක් රැුගෙන ගොස් මරා දමා තිබියදී සොයාගත් බව එම ගම්හු පවසති.