( තිළිණි ද සිල්වා සහ ළහිරු හර්ෂණ )
2020 වසරේ ලෝක විවාහක රූ රැජින ලෙස කිරුළ දැරෑ කැරොලයින් ජූරි ගේ ඉල්ලා අස්වීම පිළිගත් ලෝක විවාහක රූ රැජින සංවිධායක මණ්ඩලය එම කිරුළ එම වසරේ පැවති තරගාවලියේ දෙවන ස්ථානය දිනා ගත් කේට් ෂින්ඩර් වෙත ප්රදානය කර ඇත.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ලෝක විවාහක රූ රැජින තරගයේ සංවිධායක මණ්ඩලය කියා සිටින්නේ තම සංවිධානය කැරොලයින් ජූරි 2020 වසරේ ලෝක විවාහක රූ රැජින කිරැලෙන් ඉවත් වීමට ස්වේච්ඡාවෙන්ම ගත් තීරණය තම සංවිධානය පිලි ගන්නා බවත් , එම කිරුළ අයර්ලන්ත විවාහක රූ රැජින වෙත ප්රදානය කරන බවය.
එසේම කැරොලයින් ජූරි මහත්මියට සිය පවුලේ අය සමග සාමකාමී ජීවිතයක් ගත කිරීමටද ලෝක විවාහක රූ රැජින සංවිධායක මණ්ඩලය සිය සුබ පැතුම් එක් කර ඇත.
ඉකුත් අප්‍රේල් 4 වැනිදා කොළඹදී පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ ඇති වූ සිද්ධියක් මත 2020 වසරේ ලෝක විවාහක රූ රැජින ලෙස කිරුළු පැලදී කැරොලයින් ජූරි මහත්මිය සිය ධූරයෙන් ඉවත් වන බව ඉකුත් දා නිවේදනය කළාය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝසිට දැන් සතුටු ඇති.
අනාගතයේ දේශපාලනයට එක්වීමට සිටින කවුරුත් නොදැන සිටි පුෂ්පිකා එක රැයකින් ලෝකය පුරා ජනප්‍රිය කරවීමේ කූට උපක්රමයට හසුවූ මෝඩ කාන්තාව.
අන්තිමේදි රටටයි පාඩු වුණේ.
අයියෝ මෙයා අස් වුණා කියලා දුක් වෙන මිනිස්සු නෑ. ලෝකේ ඕන තරම් ලස්සන ගෑනු ඉන්නවා සුදුසුම තැනට එන්න.
ඔබට ජය!
ඉල්ලා අසුවුන එක හොඳයි. නැත්නම් කොහොමද වස්ත්‍රයක් ඇඳගෙන ඊළඟ තරගයට යන්නෙ. පුෂ්පිකාත් නොගියොත් තමයි හොඳ. ගියොත් වෙන්නෙ ලංකාව ආයෙම සැරයක් ජාත්‍යන්තරය ඉදිරියේ පච වෙන එක විතරයි. ඉන්න සහ වෙන්ඩ රැජිනියන් ඔක්කොටම මේ සිද්ධිය හොඳ පාඩමක්. තමන්ගේ තත්වෙ රැකගෙන , කට රැකගෙන ප්ලාස්ටික් හිනාවකින් මුව සරසාගෙන හිටියොත් වස්ත්‍රය බේරගන්න පුළුවන්.
ලංකාවට සිදුවූ අපකීර්තියට මැය වන්දි ගෙවිය යුතුයි!
අපේ ගමේ කැරොලින් අක්කා වයසට ගියත් මාලු විකිණුවත් මෙයාට වඩා හොඳට හැසිරෙන්න දන්නවා.
කැරොලින්ටත්, චුලාටත් තම ආවේගයන් පාලනය කර ගැනීමට නොදී ඔවුන්ව " උසිගැන්වූ " පිරිස් ප්රශ්නය ඇතිකොට මගහැර ගියා. මේ සිද්ධියේ සාරාංශය එයයි.