(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාස්කු ඉරුදින ප්‍රහාරයේ සහ මහ බැංකු බැඳුම්කර සිද්ධියේ සැකකරුවන් ඉතාම ඉක්මනින්ම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පාර්ලිමේන්තුවේ දී පවසයි.
පාස්කු ඉරුදින ප්‍රහාරය සිදු වීමට ඉඩ දී ඇස් කන් පියාගෙන සිටි පසුගිය යහපාලන ආණ්ඩුවේ උදවිය අද ඒ ගැන කිඹුල් කඳුලු හෙලීම විහිළුවක් බවද ඔහු කීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ ජාතික ආරක්ෂාව තහවුරු කර ඇතැයි ද මේ රටට පහරදීමට අද කිසිවකුටත් නොහැකි යයිද ලන්සා මහතා මහතා පැවසීය.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අල්ලා ගැනීමට රජය උපරිම උත්සහ දරන බව කී රාජ්‍ය ඇමැතිවරයා පසුගිය යහපාලන රජය සිද්ධියේ සාක්ෂි රැසක් විනාශ කර ඇතැයිද චෝදනා කළේය.
සහරාන්ගේ ලැප්ටොප් පරිගණකය පවා සොයා ගැනීම අපහසු වී ඇතැයිද පරීක්ෂණ සිදු කිරීමට වී ඇත්තේ ඒ දුෂ්කර තත්ත්වයන් යටතේ යයිද ඒ මහතා කීය.
නිමල් ලංසා මහතා මෙසේ පැවසුවේ විදේශ විනිමය පනත යටතේ රෙගුලාසි පිළිබඳ විවාදයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු මුදලාලිලත් ඉක්මණට අල්ලන්න
මෙයා මොකද මේ හදිසියේම නින්දෙන් ඇහැරෙලා වගේ කෑගහන්නේ? පළාත් සභා ඡන්දයක් තියේවි කියලා ලොක්කා කිව්වාද දැන්ම ප්‍රචාරණය පටන් අරන් තියෙන්නේ?
ළඟදී ඡන්දයක්වත් තියන්න බලාපොරොත්තු වෙනවද?