( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
2019 වසරේ අප්‍රේල් 21 වැනි දා කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට වගකිව යුතු හිටපු ජනාධිපති ඇතුළු පිරිසකගෙන් සහ එම හෝටලයේ පාලනාධිකාරියෙන් රුපියල් මිලියන 1200ක වන්දියක් ලබා දෙන ලෙස ඉල්ලා බෝම්බ පිපිරීමෙන් මාරාන්තික තුවාල ලබා දිවි ගලවාගත් නීතීඥවරයකු කොළඹ දිසා අධිකරණය හමුවේ අද (20) නඩු පැවරීය.
තලංගම , තලංගම උතුර පදිංචි නීතීඥ මෝදිත ටිකිරි බණ්ඒඩාර කනායක මහතා මහතා ගොනු කළ මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ , හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු , හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර , හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි නිලන්ත ජයවර්ධන , ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු 12ක්ද , මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් බාරයේ සිටින යූසූූෆ් මොහොමඩ් ඊබ්‍රාහිම් , මොහොමඩ් ඊබ්‍රාහිම් , ඉජාස් අහමඩ් නැමැත්තන් ස ෂැන්ග්‍රිලා හෝටලයේ පාලනාධිකාරියද නම් කරනු ලැබ සිටිති.
පැමිණිලිකරු ෂැන්ග්‍රිලා හෝටලයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයේදී බරපතල තුවාල සිදුවී අසීරුවෙන් ජීවිතය බේරා ගත් නීතීඥවරයෙකි.
මෙම සිද්ධිය වැළැක්වීමට කිසිදු පියවර නොගැනීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් 12 දෙනා වගකිව යුතුවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ජය ප්‍රාර්ථනා කරමි
එහෙමවත් බලමු මේක නිරාකරණය කරගන්න. ඉතාම හොඳයි.
ඉතාම හොඳයි ඔබට ජය