(නිමන්ති රණසිංහ)
රාජගිරිය ගුවන් පාලම අසලදී රිය අනතුරක් සිදු කර එය වළාක්වා නොගත්තැයි වැලිකඩ පොලිසිය අත් අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රි පුත් නීතිඥ රඛිත නිර්මල රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.ප්‍රභාගරන් මහතා නියෝග කළේය.
දැනට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන සැකකාර නීතිඥවරයා පරීක්ෂා කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා රෝහලට ගොස් මෙම නියෝගය කළේය.
රතුඑළිය මාර්ග සංඥ නිකුත් කර තිබියදී රිය ධාවනය කර මෝටර් රථ ආඥාපනත ප්‍රකාරව අනතුරක් සිදු කිරීම, අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනා මත මෙම සැකකරු අද වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
(ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනතුරක් එකක් වුණාම පා.මන්ත්‍රී පුත් හෝ පා.මන්ත්‍රී කියා විශේෂත්වයක් තිබෙනවාද? හැබැයි වුණ වැරැද්ද ලිහිල් කරන්න එපා.
තාත්තා කව්ද? රාජපක්ෂලා ගොඩක් ඉන්නවනේ පාර්ලිමේන්තුවේ.තොරතුරු දැනගැනීමේ අයිතිය අනුව අහන්නේ.
අගතියට පත් පාර්ශ්වය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇප දෙන්න පුළුවන් ද?
නිහාල් අගතියට පත් වුණයි කියන්නේ හැප්පුණු කෙනාද හප්පපු කෙනාද, මේ රෝහල් ගත වෙලා ඉන්නේ හප්පපු කෙනා කියලයි අපි දන්නේ.