(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වරාය නගරය පාර්ලිමේන්තුවේ අධීක්ෂණයට යටත් කළ යුතුයැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
වසරකට වරක් කෝප් සහ කෝපා කාරක සභා වලට වරාය නගරයේ ගිණුම් ඉදිරිපත් කළ යුතු බවට වගන්තියක් ගෙන එන්නැයි ඉල්ලා සිටින බවද කිරිඇල්ල මහතා කීය.
"මෙය මුදල් විශුද්ධිකරණයට මධ්‍යස්ථානයක් ඇති කිරීමේ යටි අරමුණින් ගෙන එන පනතක් බවට විදේශ රටවල් පවා සැක පළ කර තිබෙනවා.
අද ආණ්ඩුව චීනයට බින්න බහින්නට ඉඩ දී තිබෙනවා. කලාපිය බලවතා වන ඉන්දියාව තරහ කරගෙන කිසිවක් කරන්නට බැහැ.යනුවෙන්ද කිරිඇල්ල මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි හම්බන්තොට වරායට කරපු දෙය අමතකද? ඒ වේලාවේ බකන් නිලාගෙන හිටියා බදු උහුලාගෙන් දැන් තමයි පාර්ලිමේන්තුවක් මතක් වුණේ
හොඳ අදහසක්.