(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කංසා වගාව නීතිගත කොට අස්වනු පිටරට යැවිය යුතු යැයියෝජනා කරන බව පත් කළ මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය(සජබ) පාර්ලිමේන්තුවේ දී කීවාය.
"රජයේ අනුග්‍රහයෙන් එය කළ යුතුයි. එයින් ලැබෙන මුදල් මේ රටේ ණය බේරීමට පාවිච්චි කළ හැකියි. එමෙන්ම රාත්‍රී ආර්ථීකය නැමැති සංකල්පය අප රටට අවශ්‍යයි.
ශ්‍රී ලංකාවේ යනු සංචාරක පාරාදීසයක්. එමෙන්ම උදේ 10 සිට රාත්‍රී 10 දක්වා සුරාසැල් විවෘත කළ යුතු යැයි මා යෝජනා කරනවා. අද රටේ ජනතාවට දවස තිස්සේ හම්බ කරන මුදල් වියදම් කිරීමට අවස්ථාවක් නැහැ. ඒ නිසා රාත්‍රී ආර්ථිකය නැමැති සංකල්පය හඳුන්වාදිය යුතුයි. මේවා රට ගොඩ දාගන්න පුලුවන් ක්‍රම බව කිව යුතුයි"යනුවෙන්ද ඩයනා ගමගේ මහත්මිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදහස නම් හොදයි
අනිවාර්යෙන්ම මෙයාට වෙන කෙනෙකුගෙන් නමට රක්ෂිතයකින් අක්කර 50 -60 ක් අඩුම වශයෙන් හම්බ වෙලා ඇති බාර් පර්මිට් එකකුත් ලැබිලා ඇති ලබන ඡන්දෙන් පාර්ලිමේන්තු යන්න බැරි බව දන්න නිසා හොඳට ගරාගෙන යන්න හදන්නේ?
කාන්තාවන් පාර්ලිමේන්තුවට ගෙනඒමේ වටිනාකම ගැන කියන්න වචන නම් නැහැ.අම්මපා .. හරිම ශ්‍රේෂ්ඨ මාවතක් නේ ඩයනා නෝනා පෙන්වාදී තිබෙන්නේ.මෙයා කියන විදිහට ඒක නීතිගත කරලා,ගංජා හැම කඩේකම අලෙවි කරන්න අවසර දීලා,පොලීසිය ගෙදර යවලා ගත්තාම,මේ රටේ කොල්ලො කෙල්ලෝ ටික ගංජා පාරක් දාලා ජොලි පිට සුරලෝකට යාවි.ශ්‍රේෂ්ඨ ජන කොට්ඨාසයක් හා රටක් බිහිවේවි.ඊට පස්සේ කුඩු වෙළඳාමත් මෙයාටම කියලා නීතිගත කරවා ගත්තාම,සුන්දර රටක් බිහිවේවි.ආරේ ගති නෑරේ කියන්නා වගේ ගංජා හා මෙයාගෙ හා පරපුරේ කුමක් හෝ සම්බන්ධයක් තිබෙනා බව පෙනේ.ලංකාවේ කාන්තාවන් පාර්ලිමේන්තු ඇවිත්,අම්මපා මේ රටේ හැම කාන්තා රත්නයකටම දෙන ගෞරවය.කියලා වැඩක් නැහැ.
අර පරණ රස්සාව ගැන මොකද කියන්නේ? ගංජා ගහලා නිකන් ඉන්න බෑ නේ
මේක බෞද්ධ රජයක් කරලා තමයි පස්ස බලන්නේ.
මම නම් මේ කතාවට එකඟයි. ඇත්තටම කංසා තහනම් කලේ කවුද? ඉංග්‍රිසි ජාතිකයෝ ඇයි එහෙම කලේ කියලා හොයලා බලන්න. කංසා කියන්නේ රටේ තිබුණ සාමාන්‍ය පැළැටියක් කංසා තහනම් කරනවා දුම්කොළ වගා කරනවා. මොකක්ද තේරුම? දුම්කොළ වලින් පිළිකා හැදෙනවා. පිළිකා රෝගීන්ට වේදනා නාශක හදන්න කංසා යොදා ගන්නවා වෙනත් රටවල් වලින්. අපි තවමත් සුද්දාගේ වහල්ලු වෙලා කංසා වලට විරුද්ධ බෙරිහන් දෙනවා.
හෝටල් වල බාර් රාත්‍රී 1 වෙනකල් ඇරලා තියන්නත් තැබෑරුම් රාත්‍රී 10 වෙනකල් ඇරලා තියන්නත් මෙතුමිය යෝජනා කරලා තියෙනවා. හොඳට අඩි පුඩි ගහලා පුරුදු කෙනෙක්ද මන්දා අප්පා. තනිකර සිංහල බෞද්ධ රාජ්‍යයක් තුළ ඒසෙල්ලන් කොහෙන්ද.
අනිවාර්යෙන්ම නීතිගත කළ යුතුයි
ලංකාවේ සංස්කෘතිය ගැන නොතකා මෙවැනි ප්‍රකාශ කිරීම රටට නොගැලපේ. රටේ ජනතාව වෙනුවෙන් ද මෙතුමිය මේ කතා කරන්නේ. කොරෝනා වලින් බැට කන රටකට අවශ්‍ය වන්නේ මේවා කිරීමද? මෙවැනි ප්‍රකාශ ගැන මහා සංඝරත්නය මෙන්ම ගුණ ගරුක සමාජය අවදියෙන් සිටිය යුතුයි.
මෙහෙම අය ජාතික ලැයිස්තුවෙන් පත්කරන්නේ මොන අඳබාලයින් ද?
හප්පට සිරි,දවල් තිස්සෙ හම්බකරන සල්ලි මිනිස්සුන්ට වියදම් කරන්න විදියක් නෑ.ඒනිසා රෑ දහය වෙනතුරු බාර් අරින්න ඕනේ.මෙතුමියගේ මෑනියන්ට පින් සිදුවේවා.
එකත් එක්කම කසිප්පු නිෂ්පාදනය සහ විකිණිමත් නිතිගත කරන්න මේවා දේශීය කර්මාන්ත ඊට පස්සේ ගංජා සහ කසිප්පු ඇමැති කෙනෙකුත් පත් කරන්න..
මම නම් මේ කතාවට එකඟයි. ඇත්තටම කංසා තහනම් කලේ කවුද? ඉංග්‍රිසි ජාතිකයෝ ඇයි එහෙම කලේ කියලා හොයලා බලන්න. කංසා කියන්නේ රටේ තිබුණ සාමාන්‍ය පැළැටියක් කංසා තහනම් කරනවා දුම්කොළ වගා කරනවා. මොකක්ද තේරුම? දුම්කොළ වලින් පිළිකා හැදෙනවා. පිළිකා රෝගීන්ට වේදනා නාශක හදන්න කංසා යොදා ගන්නවා වෙනත් රටවල් වලින්. අපි තවමත් සුද්දාගේ වහල්ලු වෙලා කංසා වලට විරුද්ධ බෙරිහන් දෙනවා.
දවල් දවසේ හම්බකරන මුදල් වියදම් කරන්න මෙන්න ඉතාමත් හොඳ ක්‍රියාමාර්ගයක්... ඔය මුදල් එකතුකර ගෙවල් නැති, ගෙවල් හදාගන්න මුදල් නැති දුප්පතුන්ට ගෙවල් හදාදෙන්න. මහත්ඵල මහානිශංස ලැබෙනවා..