(ඩයනා උදයංගනී)
අන්තර්ජාලය හරහා අසත්‍ය තොරතුරු හා නොමග යවන සුළු ප්‍රකාශ පැතිරවීම වැළැක්වීම සඳහා නව නීති හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස්දීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අනුමැතිය හිමිවූ බව ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව හොඳ පරිප්පුවක් කෑමට නියමිත බව මෙයින් සනාථ වේ!!!
මෝඩ බයියන්ගේ ආණ්ඩුව හිතාගෙන ඉන්නේ ලෝකය හරි විශාලයි කියලා.ඒ කාලේ ගියා. දැන් ...ලෝකය යනු එකම ගම්මානයක් පමණක් බව කුඩා දරුවන් පවා දනිති. ඒ හැබැයි මැදමුලන පැත්තේ බයියන් සහ උන්ට ආවතේව කරන මෝඩ බයියන් හිතාගෙන ඉන්නේ ෆේස්බුක්, යු ටියුබ් ...පමණයි සමාජ මාධ්‍ය කියලා කියන්නේ කියලා. නැහැ ඒ අයට වැරදිලා. අපිට අවශ් යනම් අහසේ තිබෙන uhf තරංග රහසිගතවම " අල්ලා ගැනීමෙන් " internet වල www ජාලය හා සම්බන්ධ වෙන්නට පුළුවනි, කාටත් නොදැනෙන්නම. ඔය ආණ්ඩුවට කඩේ යන " නියාමන කොමිසන් කාරයින්ට " උන ගැනෙන්න.ඒ නිසා බොරු වැඩ කිරීමෙන් සිදුවන්නේ අපේ රටට තවතවත් අපකීර්තියක් ලැබීම පමණයි.ඒ වගේම තමයි අපට අවශ්‍යනම් අපේම " ඉන්ට්‍රානෙට් " ( ඉන්ටර්නෙට් නොව ) ජාලයක් අපිට අවශ්‍ය සංඛ්‍යාතයක් දාගෙන කාටවත් නොදැනෙන ලෙස සන්නිවේදනය කළ හැක. ආණ්ඩුවට අවශ්‍ය එයනම් අපි සුදානම්.
අනිවාර්යෙන් කළයුතු දෙයක් ෆේස්බුක් පමණක් නොවෙයි යුටියුබ් එකත් වාරණය කරන්න . වැඩි පුරම ලියන්නේ මෙලෝ හසරක් දන්නේ නැති ජෙප්පෝ.
මෙය නිදහස් මත ප්රකාශනයට වැටබැදීමක්.
ප්රජතන්ත්රවාදී රටක කාටත් තිබෙන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස නැති කරන තවත් මගක්
අන්තර්ජාලය හරහා ව්‍යාජ තොරතුරු හුවමාරු කරන එක වැරදි හැබැයි දෙරණ,හිරු හරහා කැළණි නයි,ධම්මික පැනිය ගැන ප්‍රචාරය කරපු එක අවුලක් නැහැ.
මේ උපදෙස් ලැබෙන්න ඇත්තේ චීනයෙන් වෙන්න ඇති.
වැඩේ කියන්නෙ මේවා මඩ නෙමෙනේ ඇත්තනෙ. කවුද මඩ කියලා තීරණය කරන්නේ එතකොට.
නියම වැඩක්
ඕකට තමා දැඟලුවේ. එෆ්බී වලින් තමන්ට ඕන විදියට මඩ ගහන එක නවතතන්න ඕන පක්ෂ විපක්ෂ විතරක් නොවෙයි පෞද්ගලික ඒවත් තියෙනවා. ඒකට පියවරක් ගත යුතුමයි. නිදහස් අදහස් කියන්නේ මඩ ගහන එක නොවෙන බව මතක තියාගන්න ඕන.