චෙක් රාජ්‍යයේ කොරෝනා ආසාදිතයින් වැඩි වෙයි ගිම්හාන නිවාඩු සමය ආරම්භ වීමත් සමග චෙක් රාජ්‍යයයේ කොරෝනා වයිරස ආසාදිතයන් වැඩිවීමට පටන්ගෙන ඇතැයි සෞඛය බලධාරීහු පවසති. 28 June 2020
ලොව පුරා කොරෝනා ආසාදිතයින් මිලියන 9.8 ඉක්මවයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව ලොව පුරා නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 9.8 ඉක්මවා ගොස් ඇත. 27 June 2020
ඇමෙරිකාවේ දිනක් තුළ වැඩිම කොරෝනා රෝගීන් වාර්තාව ඊයේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන සිකුරාදා වාර්තා වූ අතර එම ගණන 40,870ක් විය. 27 June 2020
ඉන්දියාවේ කොරෝනා 500,000 ඉක්මවයි අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන අද (27) 500,000 ඉක්මවා ගියේය. 27 June 2020
ඛනිජ තෙල් සංස්ථාවට රජයෙන් කෝටි 33,400 ක පොල්ලක් ඉකුත් කාලයේ බලයට පත්වූ රජයන් විසින් විවිධ ක්ෂේත්‍ර සඳහා ක්‍රියාත්මක කරන ලද ඉන්ධන සහනාධාර වෙනුවෙන් ඛනිජතෙල් සංස්ථාවට රජයෙන් ලැබිය යුතු රුපියල් කෝටි 33,400 ක පමණ මුදලක් ලැබී නැතැයි ඛනිජ තෙල් සංස්ථා වාර්තා පෙන්වා දෙයි. 26 June 2020
සෞඛ්යාරක්ෂිත මැතිවරණ ක්‍රමවේද කඩන්නන්ට නීතිමය පියවර ගන්න පීඑච්අයිලාට බලය සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදවලට අනුව මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කෙරෙන ගැසට් නිවේදනයේ ඇතුළත් රෙගුලාසි කඩ කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමේ බලය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැවරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. 26 June 2020
අමෙරිකාවේ දෛනික වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වෙයි අමෙරිකා එක්සත් ජනපදයෙන් දෛනික වැඩම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී තිබේ. 26 June 2020
කොරෝනා ආසාදිතයන් ගණන 2014 දක්වා ඉහළට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2014 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි. 26 June 2020
හිටපු ජනපතිගේ නම සහිත පුවරු වසා තබන්නැයි දැනුම් දීමක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූරකාලයේදී පොළොන්නරුවේ සිදුකරන ලද ව්‍යාපෘතිවල විස්තර ඇතුළත් සමරුඵලක හා පුවරුවල මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුව සහ නම ඇතුළත්ව තිබේනම් මැතිවරණ කාල සීමාව තුළ එම නම සහ රුව වසා තබන්නැයි පොළොන්නරුව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වලට දැනුම් දී ඇත. 26 June 2020
බංගලාදේශයේ සිරව සිටි 230 ක් රැගෙන එති ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 230 දෙනෙකු ඩකා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද (26) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රකාශකවරයකු පැවසීය 26 June 2020
ඉන්දියාව මගී ගුවන් ගමන් ජුලි 15 තෙක් අත්හිටුවයි සියලුම ඡාත්‍යන්තර මගීන් ගුවන් ගමන් ජුලි මස 15 වැනිදා දක්වා අත්හිටුවීමට තීරණය කළ බව ඉන්දීය සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි. 26 June 2020
එමිල් රංජන්ට - රංගජීවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් අවවාදයක් නඩු කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන්නේ නම් ඒවායේ සීමාවන් දැනගෙන කරුණු පවසන ලෙසත් එසේ නොවුණහොත් ඇප අවලංගු කොට රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතන කිරීමේ නඩුව විභාග කරන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එහි විත්තිකරුවන්ට අවවාද කරමින් අද (26) දැනුම් දුන්නේය. 26 June 2020
රාජ්‍ය සේවකයින්ගේ අත්හිටවූ ණය වාරික මේ මාසයේ වැටුපෙන් අය කෙරේ කොරෝනා වයිරසය හේතුවෙන් ඇතිවූ තත්ත්වය සැලකිල්ලට ගෙන රජයේ නිලධාරීන්ගේ අත්හිටුවා තිබූ ණය වාරික හා ණය පොලී මෙම මස වැටුපේ සිට යළි අය කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ රත්නසිරි මහතා පැවසීය. 26 June 2020
සමගි ජනබලවේගයේ රැස්වීමට බාධා කළ අයෙක් අත්අඩංගුවට සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු රත්නපුර දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂයන්ගේ සහභාගිත්වයෙන් කලවානේ පැවති රැස්වීමකට හූ කියා බාධා කළ බව කියන පුද්ගලයෙක් අද (26) අත්අඩංගුවට ගත් බව කලවාන පොලිසිය පැවසීය. 26 June 2020
හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් රිමාන්ඩ් රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 108 ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවෙකු ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මිනුවන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් සිසිර විජෙසුරිය මහතා අද (26) නියම කළේය. 26 June 2020
‘සහරාන් සුෆී මුස්ලිම්වරුන් බියගන්වන්න ගිනි අවි භාවිතා කළා‘ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායකයා වූ සහ්රාන් හෂීම් සූෆි මුස්ලිම්වරුන් බිය ගැන්වීම සඳහා ගිනි අවි භාවිත කළ බවත් 2009 වර්ෂයේ දී කාත්තන්කුඩි ප්‍රදේශයේ තරුණයන්ට ගිනි අවි පුහුණුව ලබාදුන් බවත් සන්ඩේ ටයිම්ස් පුවත්පත් මාධ්‍යවේදී ක්‍රිස්ටෝපර් කමලේන්ද්‍රන් මහතා පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් පෙරේදා (24) ප්‍රකාශ කළේය. 26 June 2020
‘ගම්මිරිස් ගොවීන්ට හෙක්ටයාරයකට 85,000 ක සහනාධාරයක්‘ ගම්මිරිස් මිළ පහත වැටීමෙන් පීඩාවට පත්ව සිටින ගොවීන්ට සහනය වශයෙන් ඔවුන්ගේ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 85,000 ක සහනාධාරයක් ලබා දීමට තීරණය කර ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද මහතා පැවසීය. 26 June 2020
පාස්කු ප්‍රහාරය ගැන එවා තිබූ අසම්පුර්ණ ගොනු 40 ක් නීතිපති ආපසු යවයි පාස්කු ඉරිදා කතෝලික දේවස්ථාන හා තරු පන්තියේ හෝටල් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ සැකකරුවන්ට එරෙහිව ගතයුතු නීතීමය පියවර පිළිබඳව උපදෙස් ඉල්ලා රහස් පොලිසිය ඇතුළු විවිධ පොලිස්ථාන වලින් නීතීපතිවරයාට එවා තිබු අසම්පුර්ණ විමර්ශන ගොනු 40 ක් නීතීපතිවරයා විසින් ආපසු හරවා වැඩබලන පොලිස්පතිවරයාට අද (26) යවන ලදී. 26 June 2020
උපකාරක පන්ති සඳුදා සිට ඇරැඹේ කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නවතා දැමූ උපකාරක පන්ති මෙම මස 29 වැනිදා සිට යළි ආරම්භ කරන බව සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය පවසයි. 26 June 2020
නුගගල ආරණ්‍ය සේනාසනයේ හිමිනමකට භූමිතෙල් පොවා හිරිහැර කරලා හිනිදුම දකුණ පිහිටි නුගගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන යාලගල සුමණජෝති හිමියන්ට නාඳුනන පුද්ගලයෙකු අද (26) භූමිතෙල් පොවා හිරිහැර කර ඇතැයි හිනිදුම පොලිසිය පවසයි. 26 June 2020
දිසාපතිවරුන්ගේ බලතලවලට කැළෑ පැවරූ චක්‍රලේඛය අහෝසි කරන්න යයි රජයේ අවශේෂ කැළෑ දිසාපතිවරුන්ගේ බලතලවලින් ඉවත්කර වන සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල්වරයාට පවරමින් නිකුත් කර ඇති 05/ 2001 චක්‍රලේඛය අහෝසි කිරීමට කටයුතු කරමින් ඇතැයි වාර්තා වන බව ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරය කියයි. 26 June 2020
විදුලි බල මණ්ඩලයේ උපකරණ තොගයක් කල්එළියේ නිවසක සඟවලා ලංකා විදුලිබල මණ්ඩලය සතු රුපියල් ලක්ෂ ගණනක් වටිනාකමක් ඇති උපකරණ තොගයක් කල්එළියේ නිවසක සඟවා තිබියදී විදුලිබල මණ්ඩලයේ විමර්ශන ඒකකය සහ පල්ලෙවෙල පොලීසිය අද(26) දහවල් සොයා ගත්තේය. 26 June 2020
‘කොමිසම ආවාට මට ඇති චෝදනා නොදැන සාක්කි දෙන්න බෑ‘ නිශ්ශංක සේනාධිපති යන අයගේ පැමිණිල්ලක් සම්බන්ධයෙන් දේශපාලන පලිගැනීම් පිළිබඳ කොමිසම හමුවට මා වගඋත්තරකරුවකු ලෙස කඳවා තිබුණත් මට තිබෙන චෝදනාව කුමක්දැයි මා දන්නේ නැහැ. චෝදනාව කුමක්ද? මෙතෙක් කොමිසමේ කැඳවූ සාක්ෂි මොනවාද යන්න සම්බන්ධයෙන් නොදැන සාක්ෂි ලබාදෙන්න බැහැ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පැවැසීය. 26 June 2020
එජාප ඩිජිටල් මැතිවරණ රැස්වීම අනිද්දා එක්සත් ජාතික පක්ෂයේ පළමු මැතිවරණ රැස්විම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (28) පස්වරු 4.00 ට ආරම්භ කිරීමට නියමිතය. 26 June 2020
මැතිවරණ කොමිසමට විරෝධය මැතිවරණ කොමිසමට නැවතත් දේශපාලනඥයන්ගෙන් දොස් අසන්නට සිදුවී තිබේ. මැතිවරණ කාර්යාලවල අපේක්ෂකයන්ගේ ඡායාරූප සහ මනාප අංක ප්‍රදර්ශනයට අවසර නොදීම නිසා මැතිවරණ කොමිසම විවේචනය කිරීමට දේශපාලනඥයෝ පටන්ගෙන සිටිති. 26 June 2020
වරාය පොදු සේවක සංගමයෙන් ජනපතිට ලිපියක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම වළකාලමින් බලපෑම් කරන විදේශ රාජ්‍යය කුමක්දැයි රටට හෙළි කරන ලෙස සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත. 26 June 2020
දොඹකරයක් කළ කලබලයක් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 7වන මහලේ සවිකිරීමට ගෙනෙන ලද වායු සමීකරණ යන්ත්‍රයක් ඔසවමින් තිබූ දොඹකර යන්ත්‍රයක් ක්‍රියාවිරහිත වීම නිසා අද(26) උදෑසන සිට දහවල් වනතුරු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ අවට දැඩි කලබලකාරි තත්වයක් පැවතිණි. 26 June 2020
දුම්රිය ගමන්වාර 9518 ක් අවලංගු කිරීමට හේතු දක්වයි එන්ජින් හා බැටරි නොමැතිවීමෙන් පමණක් පසුගිය වසරේදී දුම්රිය ගමන්වාර 1930 ක් අවලංගු කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ඇමැති මහින්ද අමරවීර මහතාට බාරදී ඇති වාර්තාවක සඳහන් වෙයි. 26 June 2020
ඉන්දියාවේ දුම්රිය සේවා අගෝස්තු 12 දක්වා අවලංගු කරයි සාමාන්‍ය මගී දුම්රිය සේවා, නගාරාන්තර දුම්රිය සේවා සහ රාත්‍රී තැපැල් දුම්රිය සේවා ලබන අගෝස්තු 12 වැනිදා දක්වා අවලංගු කිරීමට ඉන්දියානු දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. 26 June 2020
මාතලේ රෝහලේ හෙද කාර්ය මණ්ඩලය විරෝධතාවක ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ හෙද කාර්ය මණ්ඩලය අද (26) රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. 26 June 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026