(ඉන්දිකා රාමනායක)
සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු හරීන් ප්‍රනාන්දු මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී තමන්ට පහර දුන් බවට පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චි මහතා අද (22) වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට ගොස් මන්ත්‍රිවරයාගෙන් පැමිණිල්ලට අදාල ප්‍රකාශය සටහන් කරගත් බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
ඉකුත් දා පාර්ලිමේන්තුවේ ඇති වු සිද්ධියෙන් පසුව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා තමාට පහර දුන් බවට මන්ත්‍රිවරයා කට උත්තර ලබාදුන බව පොලිස් ආරංචි මාර්ග කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සිදුකර හරීන් ප්‍රනාන්දු මහතාගෙන් ද ප්‍රකාශ සටහන් කරගන්නා බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවට උගතුන් යවන්න දැන්වත් හිතමු.
හරීන්ට ලැජ්ජා නැතිද පිම්පියෙකුට ගහන්න?
එතකොට මිරිස් වතුරෙන් ගහපුවාම ඒවා ඉතින් මැටි වැඩකරුවන්ගේ ක්‍රියා නිසා අත් හැරලා දානවා ඇති
අපි නම් ගුටිකාලා පොලිසි යන්නේ නැහැ... ගෙදර යන්නෙත් නැහැ..
මේ වගේ එක පවුලකට කඹුරන පිම්පියන්ට ගහලා වැඩක් තියෙනවද? ගහනවා නම් සරත් ෆොන්සේකා වගේ හරි කෙනෙක්ට ගහන්න.