(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විද්‍යා හා ගණිත ගුරුවරුන් පාසල්වලට විද්‍යාත්මක ආකාරයට යොමුකිරීමේ වැඩපිළිවෙලක් ඉදිරි දිනවල අරඹන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ( 20) පැවැසිය.
ගණිත හා විද්‍යා ගුරුවරුන් සම්බන්ධයෙන් අමාත්‍යාංශය වෙනම සමීක්ෂණයක් මෑතකදී පැවැත්වූ බව කී ඇමතිවරයා ගුරුවරුන්ගේ තුලනයේ ප්‍රශ්නයක් තිබෙන බව එහිදී පෙනී ගිය බව ද සඳහන් කළේය.
විද්‍යා හා ගණිත ගුරුවරුන්ගේ හිඟයක් රටේ නැතැයි ද රටේ අවශ්‍ය තරම් ගණිත හා විද්‍යා ගුරුවරුන් සිටින්නේ යයිද මහාචාර්ය වරයා කීය.
සමහර තැන් වල අතිරික්තයක් මෙන්ම සමහර තැන්වල හිඟයක් පවතින බවද ඔහු පැවසීය. මේ ප්‍රශ්නයට විසඳුම් ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා මහා භාණ්ඩාගාර නිළධාරින් සමග ඊයේ සාකච්ඡා පැවැත්වූ බව කී ඇමතිවරයා අවශ්‍ය මුදල් ලබාගෙන එම වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේය.
මහාචාර්ය ජී එල් පීරිස් මහතා මෙසේ පැවසුවේ දිස්ත්‍රික් මන්ත්‍රීනි රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මහත්තයම නේද යුද්ධය දරුණුවට ඇවිලී තිබුන කාලයේ "ප්‍රභාකරන් එක්ක සාම සාකච්ඡා කරන්නේ නැතුව යුද්ධය ඉවරක් කරන්න ලැබෙන්නේ නැහැ" කියල විද්‍යාත්මක තර්කයක් ඉදිරිපත් කරමින් සමහරු "පොට්ටනියක්" කියල කියපු සාම යෝජනා වලියක් කරේ තියාගෙන ලෝකේ වටේ ගියේ. මේකත් ඒවගේ විද්‍යාත්මක වැඩපිළිවෙලක්ද දන්නේ නෑ.