
(තරංග ගුණරත්න)
අලුත් අවුරුද්ධ වෙනුවෙන් ලබාදුන් රුපියල් පන්දහසේ දීමනාව නොලබුණැයි පවසමින් වැලිගම පැලෑන පෙදේශයේ පදිංචි කරුවෝ පිරිසක් ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගයේ පැලෑන ප්‍රාදේශිය සභාව ඉදිරිපිට අද (20) විරෝධතාවයක නිරත වූහ.
ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගයේ වැලිගම ප්‍රාදේශිය සභාව ඉදිරිපිටදී මාර්ගය අවහිර කරමින් මෙම විරෝධතාව ආරම්භ කළ රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබිණි.
එහිදී වැලිගම මුලස්ථාන පොලිසියේ නිලධාරීන් පැමිණ විරෝධතාවය සාමකාමීව සිදුකරන ලෙසත් මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා සිදුකිරීමෙන් වළකින ලෙසත් ඉල්ලා සිටිහ. එහිදී විරෝධතාකරුවෝ මාර්ගයෙන් ඉවත්ව සාමකාමී විරෝධතා සිදු කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd