(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ක්‍රීඩකයන් සඳහා මේ වසරේ පාවිච්චිය තහනම් කරනු ලැබ ඇති උත්තේජක ලැයිස්තුව පාර්ලිමේන්තුවට අනිද්දා (21)ඉදිරිපත් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
විවිධ ක්‍රීඩාවන් සඳහා මේ වසරේ තහනම් උත්තේජක ද්‍රව්‍ය ලැයිස්තුව හඳුන්වා දෙනු ලැබ ඇත්තේ ලෝක උත්තේජන මර්දන නියෝජ්‍යායතනය විසිනැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැති එම අමාත්‍යාංශය උපදේශක කාරක සභා රැස්වීමේදී ය .
උත්තේජන මර්දන නියෝජ්‍යායතනය නම් කර ඇති මෙම තහනම් උත්තේජක ද්‍රව්‍ය ක්‍රීඩකයන් නොදැනුවත්ව හෝ සිය කුසලතා වර්ධනය සඳහා භාවිතා කළහොත් තරග ඉසව් තහනමට ලක් වීමට හෝ වෙනයම් ක්‍රියාමාර්ගවලට ලක්වීමට සිදුවන බව ඇමතිවරයා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ක්‍රීඩකයන් ගැන විතරක් ... ඇයි රන්ජන් කිව්ව මන්ත්‍රී ලීස්ට් එක ... ඒකත් එළිකරන්නකෝ රටට දැනගන්න.