(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහරගම පමුණුව ප්‍රදේශයේ රෙදිපිළි වෙළඳසල් දෙකකින් දින 10 ක පමණ කාලයක් ඇතුළත කොරෝනා ආසාදිත රෝගීන් 20 දෙනකු පමණ වාර්තා වූ බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය රිසිනි මාරසිංහ මහත්මිය පවසයි.
රෙදිපිළි වෙළෙඳ සලක පුද්ගලයකුට ඉකුත් 8 වැනි දින වෛරසය ආසාදිත වී ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව ඔහුගේ ආශ්‍රිතයන් හතළිස් පස් දෙනකු නිරෝධයට ලක්කර පි සි ආර් පරීක්ෂණවලට භාජන කිරීමෙන් අනතුරුව එයින් 17 දෙනකු ට වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරු වූ බව වෛද්‍යවරිය පැවසුවාය
තවත් රෙදිපිළි අලෙවි සැලකින් ඉකුත් 18 වැනි දින ද ආසාදිතයකු වාර්තා වූ බවත් එම වෙළඳසැල් විසබීජහරණයට ලක් කිරීමෙන් අනතුරුව වෙනත් සේවක පිරිස් යොදවා ඒවායේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට උපදෙස් ලබාදුන් බව වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය






( ඡායාරූප-ඡයමාල් චන්ද්‍රසිරි )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව වගේ මෙහෙත් මාසයක් වැහුවේ නැත්තං සොරි තමා...අවුරුදු කෑවනම් විදවාපන් තමා කියන්න වෙන්නේ අපිට...
තවත් අවුරුදු එන්නේ නැහැ වගේ ජනතාව එක ගොඩේ තෙරපෙමින් හැසිරුණු හැටි දුටු අපට මෙසේ වෙන බව එදා සිතුණා.
තවත් පෑලියගොඩක් නොවේවා!